gossiplanka alexa රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට සයිබර් ප්‍රහාරයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට සයිබර් ප්‍රහාරයක්

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට සයිබර් ප්‍රහාර මාලාවක් එල්ල කොට තිබෙන්නේ ටැමිල් ඊළාම් සයිබර් ෆෝර්ස් "Tamil Ealam Cyber Force" යන කණ්ඩායම විසින් බවත් එම ප්‍රහාරය සිදුකොට ඇත්තේ හමුදාපතිවරයා විසින් සිදුකළ ප්‍රකාශයක් අභියෝගයට ලක් කරමින් බවත් ශ්‍රී ලංකා පරිවර්තන සමූහය පෙන්වා දෙනවා.

මෙරට ඩොට් එල්කේ හා ඩොට් කොම් (.lk .com) යන වෙබ් අඩවි කිහිපයකට පෙරේදා සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බවට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය කර ඇති ප්‍රකාශය පිලිබඳ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමිනි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට පෙරේද (18දා) සයිබර් ප්‍රහාර මාලාවක් එල්ල කොට එම වෙබ් අඩවිවල අඩංගු දත්ත වෙනස් කිරීමටත් යම් වෙබ් අඩවි ප්‍රමාණයක් අඩපණ කිරීමටත් මෙම Tamil Ealam Cyber Force යන කණ්ඩායමට හැකි වී ඇත.

සයිබර් ප්‍රහාරයේ මූලික අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාව සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂා කිරීමට 2018 වසරේ අග භාගයේදී නව හමුදා ඒකකයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යුද හමුදාපති විසින් සිදුකරනු ලැබූ ප්‍රකාශය අභියෝගයට ලක් කිරීමට බව අනාවරණය වී ඇත. මෙලෙස සයිබර් ප්‍රහාර මාලාවල් 2014 වසරේ සිට මෙම කණ්ඩායම විසින් සිදුකරනු බව අනාවරණය වී ඇත. මෙලෙස සයිබර් ප්‍රහාරවල ගොදුරු වුණු වෙබ් අඩවි ප්‍රමාණය 55ක් වන බව මේ වන විට වාර්තා වේ.

මෙම සයිබර් ප්‍රහාර කණ්ඩායම එම වෙබ් අඩවිවල අඩංගු දත්ත වෙනස් කොට ඔවුන්ගේ පණිවුඩයක් එක්කොට තිබුණු අතර ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධ සිදුකලා යන්න හැඟවීමට ඡායාරූප කිහිපයක්ද එම වෙබ් අඩවිවලට එක්කොට ඔවුන්ගේ ගීතයක්ද වෙබ් අඩවියේ වාදනය කළ හැකි ආකාරයට එක්කොට තිබුණි. මෙලෙස සයිබර් ප්‍රහාරයට ලක්වුණ වෙබ් අඩවි අතර කුවේට්, චීන තානාපති කාර්යාල වෙබ් අඩවි මෙඅන්ම විශ්වවිද්‍යාල වෙබ් අඩවිද ඇතුළත් බව නිරීක්ෂණය කිරීමේදී දැකගැනීමට හැකි වී ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu