gossiplanka alexa රටට අවශ්‍ය කොන්දක් ඇති නායකයෙක් - ඇලලේ ගුණවංශ හිමියන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රටට අවශ්‍ය කොන්දක් ඇති නායකයෙක් - ඇලලේ ගුණවංශ හිමියන්

ජාතික බලවේගවලට යටවී අරාජික රටක් බවට පත්ව ඇති ශ්‍රී ලංකාවට අද අවශ්‍ය වී ඇත්තේ ශක්තිමත් ආණ්ඩුවක් සහ කොන්දක් ඇති නායකයෙකු බවත්, රටට ආදරය කරන එවැනි නායකයෙකු සොයමින් සිටින තම සංවිධානයට සියයට සියයක් තම කෝණයට හසුවන නායකයකු මෙතෙක් නොමැති බවත් රටටම පොදු වූ එක නීතියක් හා මැතිවරණ ක්‍රමයක් ගෙන එන බවට දළදා වහන්සේ අබියස මෙන්ම අවශ්‍ය නම් සෙසු ආගමික ස්ථාන වල දිවුරා පොරොන්දුවන නායකයෙකුට යුතුකම සංවිධානයේ සහාය හා ආශීර්වාදය ලබාදෙන බවත් එම සංවිධානයේ අනුශාසක ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.

ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය මන්දිරයේදී ඊයේ (20දා) පෙරවරුවේ  පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකළ ගුණවංශ හිමියෝ වැඩිදුරටත් අදහස් පළ කරමින් මෙසේද සඳහන් කළහ. " මේ රට විනාශයට පත්වෙන්න එක හේතුවක් තමයි රටටම බලපාන එක නීතියක් නොමැතිවීම. අපේ විවාහ නිතිය තවත් එකක්. ඉඩම් නිතිය උතුරට එකක්, දකුණට එකක්, මේ වගේ පරිසරයක් තුල රටක් ඉදිරියට ගෙනයන්න බැහැ. අවුරුදු 40 තිස්සේ අපි ජනතවට බොරු කරලා නැහැ. බොරු කියාලා නැහැ. ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයකින් කාටවත් නටවන්න බැරි ආණ්ඩුවක් තමයි අපිට අවශ්‍ය. ඒ සඳහා තවම අපි කවුරුත් තෝරාගෙන නැහැ. දැන් ඉන්න නායකයෝ ඊට සුදානම්බවක් පෙන්න නැහැ. ආණ්ඩුවයි විපක්ෂයයි ඔක්කොම එකයි.   

සිංහල, දෙමළ, මැලේ, මුස්ලිම්, බර්ගර් සියල්ලම එක ජාතියක් ලෙස එකට හිදිමින් එක ධජයක්, එක ජාතියක් ලෙස කටයුතු කළොත් අපට මේ රට බේරගන්න පුළුවන්. අපි තවමත් ප්‍රමාද නැහැ. ජනාධිපතිවරණය කල් දැමුවොත් විජාතික බලවේගවල අරමුණ ඉටුවෙනවා. එම විජාතික බලවේග  රට විනාශ කරන්න දරණ උත්සාහය අපි පරාජය කළ යුතුයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu