gossiplanka alexa රනිල්ගේ මන්ත්‍රීධූරය අහෝසි කරන පෙත්සමක් අභියාචනාධිරණයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රනිල්ගේ මන්ත්‍රීධූරය අහෝසි කරන පෙත්සමක් අභියාචනාධිරණයට

ටේ පවතින වත්මන් තත්ත්වයත් එක්ක ජනතාව බලන් ඉන්නේ පවතින ආණ්ඩුව ඉක්මනටම ගෙදර යවන්න. බොහෝ දෙනා කියන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂය ඡන්දයක් පැවතියහොත් නිසැකවම පරාජයට පත් වන බවයි.

තත්ත්වය මෙසේ තිබිය දී කොළඹ නාගරික මන්ත්‍රීනී ශර්මිලා ගෝනවල මහත්මිය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනු කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු කොටස් හිමිකාරිත්වය දරණ සමාගමක් රජයේ ආයතන සමඟ ගිවිසුම්ගතව ව්‍යාපාරවල නිරත  වන අවස්ථාවක එම මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට තිබෙන සුදුසුකම අහිමි වන බව යන හේතුව මුල් කර ගනිමින් තමයි මෙම පෙත්සම ගොනු කර තිබෙන්නේ. වග උත්තරකාර රනිල් වික්‍රමසිංහ මහතා lake house printers සහ publisher සමාගමේ කොටස් හිමිකාරිත්වය දරන පුද්ගලයකු බව පෙන්වා දෙන පෙත්සම්කාරිය ඔහු වැඩි කොටස් ප්‍රමාණයක් තිබෙන  නව වැනි කොටස්කරු බවද පෙන්වා දෙනවා. එය එම සමාගම විසින් 2014 වසරේ සිට 2018 දක්වා කාල සීමාව සඳහා නිකුත් කළ වාර්ෂික වාර්තාව මගින් තහවුරු කර ඇති බවද ඇය පෙන්වා දෙනවා. ඒ බව සඳහන් නඩු තීන්දු කීපයක් ම පසුගිය කාලයේ ප්‍රකාශයට පත්වී ඇති බවයි පෙත්සම්කාරිය පෙන්වා දුන්නේ. 

කෙසේ වෙතත් මෙම පෙත්සම ඉකුත් දා විභාගයට ගත් අවස්ථාවේදී අභියාචනාධිකරණය එම පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින්  නියෝගය කලා. ඒ රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනග ඊස්වරන් මහතා මූලික විරෝධතාවක් මතුකරමින් මෙම නඩුවේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරන ලේඛන වල මුල් පිටපත් ඉදිරිපත් කර නොමැති බැවින් එය විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවට මූලික විරෝධතාවක් මතු කිරීම හේතුවෙන්.  අදාළ පෙත්සම විභාගයට නොගෙන ම ප්‍රතික්ෂේප කරන ලෙසද ජනාධිපති නීතිඥවරයා එම මූලික විරෝධතාව තුළින් ඉල්ලා තිබුණා. එබැවින් මෙම මූලික විරෝධතාව පිළිගන්නා බව සඳහන් කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඒ අනුව පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන බවයි සඳහන් කළේ. 

රනිල් වික්‍රමසිංහ මහතා කොටස් හිමිකාරීත්වය දරන lake house printers සහ publisher සමාගම මහජන බැංකුව සහ ලංකා බැංකුව සමඟ ගිවිසුම්ගතව එම බැංකු වලට අදාල චෙක්පත් මුද්‍රණය කරමින් ව්‍යාපාරික කටයුතුවල නිරත වී ඇති බව  පෙත්සම්කාරිය සඳහන් කරනවා. එබැවින් රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් දැරීමට තිබෙන සුදුසුකම අහිමිවී ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කාරිය ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වරදක් සිදුකර ඇති බවයි කියා සිටියේ. එම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසු කමක් නොමැති බවට තීන්දු කොට ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ  කෝවොරන්ටෝ රිට් ආඥාවක් නිකුත් කරන මෙන් ද  ශර්මිලා ගෝනවල මහත්මිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu