gossiplanka alexa කොච්චිකඩේ බෝම්බ වෑන් රියේ ආසන සැකසූ සැකකරු අත්අඩංගුවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොච්චිකඩේ බෝම්බ වෑන් රියේ ආසන සැකසූ සැකකරු අත්අඩංගුවට

කොච්චිකඩේ, ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට ත්‍රස්තවාදියා පැමිණි බෝම්බ සවි කළ කුඩා වෑන් රථය මිලදී ගැනීමට සහ එහි ආසන සවි කිරීමට සම්බන්ධ වු සැකකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුම්නේතුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නව කාන්තන්කුඩිය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ආදම් ලෙබ්බේ නමැති සැකකරු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

මීට දින කිහිපයකට පෙර මෙම සැකකරු පොලීසියට අවශ්‍ය බවට සඳහන් කරමින් ඇසින් දුටු සාක්ෂි හතරක් පදනම් කර ගනිමින් රූප විස්තරයට සමාන රූපසටහනක් හතරක් අපරාධ වාර්තා කොට්ඨාසයේ නිලධාරින් විසින් සිතුවමට නඟා තිබිණි.

මෙම සිතුවම් ආශ්‍රයෙන් සැකකරුව හඳුනාගැනීම සඳහා මහජන සහාය ලබාගැනීමට මූලස්ථානය එම සිතුවම් මාධ්‍යට අනාවරණය කළේය.

ඉන් අනතුරුව සැකකරු පිළිබඳව ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu