gossiplanka alexa එලැඹෙන වෙසක් උත්සවය අත්නොහැර සමරන්න - අගමැති රනිල්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එලැඹෙන වෙසක් උත්සවය අත්නොහැර සමරන්න - අගමැති රනිල්

වෙසක් උත්සවය සැමරීම සඳහා රජය, අවශ්‍ය පියවර ගෙන බැවින් ලංකාවාසී සියලුම බෞද්ධයන් එළබෙන වෙසක් උත්සවය අත්නොහැර ස්සමරණ ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.අද්ග්‍රමත්ය වරයා මේ බව පැවසුවේ පුජ්‍ය, ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කෝට්ටේ පාර්ශවයේ මහනායක ස්වාමින් වහන්සේ කොට්ටාව, රුක්මල්ගම ධර්ම විජයලෝක විහාරස්ථානයේදී පෙරේදා (12දා) බැහැදැක ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් පළ කරමිනි.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කීය.
"ඉකුත් පාස්කු ඉරිදා දින වූ සිදුවීමේදී රටේ සාමය ඇති කිරීම සඳහා මහා නායක ස්වාමින් වහන්සේ ගත උත්සාහය අපි අගේ කොට සලකනවා. එහිදී මහනායක ස්වාමින් වහන්සේ කාදිනල්තුමන් හමුවෙලා මේ රටේ සංහිඳියාව ඇතිකරන්න උදව් කරලා තියෙනවා. ඒ තුළින්  ඇති වූ සාමකාමී තත්වය නිසා ප්‍රථමික පාසල් ආරම්භ කිරීමට හැකියාව ලැබුනා.විශේෂයෙන්ම පසුගියදා ඇති වූ ත්‍රස්තවාදී ක්‍රියාවට සම්බන්ධ විශාල පිරිසක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවත් පිරිසක් ඒ අවස්ථාවේදීම මිය ගියා අඩන අපි කරන්නේ ඊට සහය දුන් හවුල් වූ පිරිස අත්අඩංගුවට ගැනීමයි. එය ආරක්ෂක අංශ සිදුකරනවා. මේ අතරවාරයේදී තමයි හලාවත ප්‍රදේශයේ සිදුවීමක් වාර්තා වන්නේ එක තරුණයෙකු කල ප්‍රකාශයකට උසිගන්වීමක් නිසා මේ තත්වය වර්ධනය වුණා. දැන් එහි සාමය ඇති කිරීමට ආරක්ෂක අංශ පියවර ගන්නවා.

විශේෂයෙන්ම අපට ඕනි එළබෙන වෙසක් උත්සවය නවත්වන්නේ නැතුව පවත්වන්නයි. ඒ නිසා ලංකාවාසී සියලු බෞද්ධයන් පන්සල්වලට පැමිණ වෙසක් උත්සාවය සමරමින් ආමිස පුජාවන්හි නිරත වන ලෙස දන්වා සිටිනවා. මෙහිදී සියලුදෙනා පන්සල්වලට පැමිණ සිල්සමාදන්වීම ඇතුළු පුද පුජවන්හි නිරතවන්න. මොකද වෙසක් උත්සවය අපිට අත්හැර දමන්නට පුළුවන් උත්සවයක් නෙමෙයි. ඒ නිසා රජය ඒ වෙනුවෙන් කැපවී ක්‍රියා කරනවා. මහනායක ස්වාමින් වහන්සේලා ඉල්ලා සිටියේත් වෙසක් උත්සවය සුපුරුදු පරිදි සමරන්න පහසුකම් සලසන්න කියලයි. ඒ නිසා අපි දැඩි කැපවීමෙන් මේ උත්සවය සැමරීමට පියවර ගන්නවා.

මිට අමතරව වෙසක් සංදර්ශන තොරණ් , දන්සල් පවත්වන පිරිස, ආරක්ෂක අංශ සමඟ සාකච්චා කොට ඒවා පවත්වන ලෙසද දන්වනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu