gossiplanka alexa 83 කළු ජූලියක් යළිත් ඇති කිරීමට ජාතියේ සතුරන්ට ඉඩ දෙන්න එපා - මහින්ද රාජපක්‍ෂ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

83 කළු ජූලියක් යළිත් ඇති කිරීමට ජාතියේ සතුරන්ට ඉඩ දෙන්න එපා - මහින්ද රාජපක්‍ෂ

1983 සිදුකෙරුණු කළු ජූලියක් නැවත ඇති කිරීමට ජාතියේ සතුරන්ට ඉඩ නොදෙමුයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඊයේ රාත්‍රීයේ ජාතිය අමතමින් විශේෂ ඉල්ලීමක් කළේය.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රකාශය මෙසේය.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, ගෞරවනීය පූජකතුමනි, මිතුරනි, පසුගිය 21 වැනිදා සාමකාමී ශ්‍රී ලාංකික රට වැසියන් ඉලක්ක කරගෙන වහාබ්වාදී ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාර දාමය සමඟ අපගේ මාතෘභූමිය ඉතා බරපතළ තත්වයකට පත්ව තිබෙනවා. ගෙවුණු කාලය තුළ රාජ්‍ය බුද්ධි අංශ අඩපණ කිරීම හා ජාතික ආරක්ෂාව පිළිබඳව තැබිය යුතු නිසි අවධානය නොමැතිව කටයුතු කිරීමේත් ප්‍රතිඵලය වුයේ මෙම අවාසනාවන්ත තත්වය උද්ගත වීමයි. ඒ හේතුකොටගෙන අද ශ්‍රී ලාංකික දරුවන්ට පාසල් යෑමට පවා නොහැකි තත්වයකට අප රට පත්ව තිබෙනවා. එමෙන්ම සාමාන්‍ය ජන ජීවිතයද බොහෝදුරට අඩාල වී තිබෙනවා. කිතු බැතිමතුන්ට දේවස්ථාන අහිමි වී තිබෙනවා. එමෙන්ම බොදුනු ජනතාවට වෙසක් උත්සවය අහිමි වී තිබෙනවා. රැකිරක්ෂා කරන ජනතාවට ජාත්‍යන්තර කම්කරු දිනය අහිමි වුණා. කොටි ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදී වසර 30ක කාලයක් තුළදීවත් මෙබඳු තත්වයකට අපේ රට පත්වුණේ නැහැ.

හිතවත් මිතුරනි,
කවර හේතු මත මේ තත්වයට අපගේ රට ඇද වැටුණත් අප කවර අයුරින් හෝ මේ අභියෝගයට මුහුණ දී ජය ගත යුතුයි. ලොව බලවත්ම ත්‍රස්තවාදී සංවිධානය ලෙස සැලකූ LTTE අභියෝගයට මුහුණ දී ජයගත් අපට මේ අභියෝගය ජය ගැනීම අසීරු විය නොහැකියි. මේ සඳහා කෙටි කාලීන මෙන්ම මාධ්‍ය කාලීන හා දිගු කාලීන වශයෙන් පියවර ගත යුතුව තිබෙනවා. මේ අන්තවාදී මනස නිර්මාණය ඉවහල් වූ සාධක නැති කර දැමිය යුතුයි. සාමකාමී මුස්ලිම් ජනතාව පවා අසීරු ඉරණමක අද දැමූ මේ ත්‍රස්තවාදය මුළුමනින්ම නැති කර දැමිය යුතුව තිබෙනවා. මුළු රටම එක නීතියක් යටතට ගෙන ජාතික ආරක්ෂාව මූලික කොටගත් ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කළ යුතුයි.

ආරක්ෂාව පිළිබඳ විශ්වාසය නැත්තටම නැති තත්වයකට පත්වී තිබෙන මේ අවස්ථාවේ සියලු ජාතීන් එකමුතුව ශක්තිමත්ව මේ අභියෝගයට මුහුණ දිය යුතුයි. ඒ කොහොම වුනත් මේ ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටින බලවේගයට වුවමනා වී ඇත්තේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර ආරවුල් ඇති කිරීමයි. ඔවුන් ඒ සඳහා විවිධ උපක්‍රම ක්‍රියාවට නංවනවා.

එම නිසා මේ අවසතාවෙදී සාමය ආරක්ෂා කරන මෙන් මා ඉතා ඕනෑකමින් නැවතත් ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා, ඔබ කළ යුත්තේ මේ රට,  මේ ඉරණමට ඇද වැට්ටු වත්මන් ආණ්ඩුවට එරෙහිව නැඟී සිටීම මිස 1983 දී සිදුකෙරුණු කළු ජූලියක් නැවත ඇති කිරීමට ජාතියේ සතුරන්ට ඉඩ නොදීමයි. එබැවින් ඉවසීමෙන් ක්‍රියාකරන ලෙස මම යළිත් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. එය මේ රටේ අනාගත දරු පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් අප මත පැටවී තිබෙන අත්හළ නොහැකි වගකීමක්. මේ අනාරක්ෂිත තත්වය නැති කළ හැක්කේ බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් පමණයි. මේ ඔබ අප සියලු දෙනාගේ මාතෘ භූමියයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu