gossiplanka alexa මුහුණු පොතේ සටහනක් නිසා හලාවතට ඇඳිරි නීතිය වැටුණු හැටි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මුහුණු පොතේ සටහනක් නිසා හලාවතට ඇඳිරි නීතිය වැටුණු හැටි

යේ දින (12) මුහුණු පොතේ යොදා ඇති සටහනක් හේතුවෙන් හලාවත නගරයට පැමිණි නොසන්සුන්කාරී ලෙස හැසිරුණ පිරිසක් පළවා හැරීමට යුද හමුදාව විසින් අහසට වෙඩි තැබීමට කටයුතු කර ඇත.

මුහුණු පොතේ දමා තිබූ යම් සටහනක් හේතුවෙන් තමන්ට කිසියම් බියක් හට ගෙන ඇති නිසා ඒ සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් හලාවත තරුණ පිරිසක් හලාවත මුලස්ථාන පොලිසිය අසලට රැස් වී  ඇත.

එහෙත් පොලිසිය තම ඉල්ලිමට අවශ්‍ය පියවර ගැනීම පමා කරණ බව කියමින් මෙම තරුණ පිරිස පසුව හලාවත නගරයේ කඩ විදිය වෙත ගොස් එහි පිහිටි කඩයක සිටි පිරිසගෙන් මුහුණු පොතේ යොදා ඇති සටහන පිළිබදව ප්‍රශ්න කරමින් ඇවිද ගොස් ඇති අතර යම් පිරිසක් කඩ විදියේ වෙළඳසැල් වසා දමන ලෙස කලහාකාරිව හැසිර තිබේ. ඒ අවස්ථාවේදී යුද හමුදා නිලධාරීන් පැමිණ අහසට වෙඩි තබා ඔවුන් පළවා හැරිමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා තව්හීත් ජමාත් සංවිධානයේ හලාවත කාර්යාලය හා යාඥා කිරිමේ මධ්‍යස්ථානය වශයෙන් හලාවත වට්ටක්කලිය පවත්වා ගෙන ගිය නිවසට හා එහි තාප්පයකට ඊයේ  (12) ප්‍රහාරයක් එල්ල වී තිබෙන අතර සංවිධානය වී පැමිණි පිරිසක් කෑ කෝ ගසමින් ප්‍රථමයෙන්ම නිවසේ තාප්පය පෙරලා බිම දැමු අතර පසුව පිරිස එම වත්තට ඇතුළු වී එහි තිබු නිවසේ ජනේලවල වීදුරු වලට පහර දී ඇත.

පසුව පොලිසිය හා යුද හමුදා නිලධාරීන් පැමිණ කළහකාරීන්ව සහ එම සිද්ධිය ජායාරූප ගත කිරිමට පැමිණි මාධ්‍යවේදීන් ද පලවා හැරීමට කටයුතු කර ඇති අතර හලාවත නගර ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා හලාවත නගර සීමාවට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය අද (13) පෙරවරු 6.00 දක්වා පනවා තිබුණි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu