gossiplanka alexa 13 වැනිදා ප්‍රහාරයක් ගැන කළ අනතුරු ඇඟවීම පිළිබඳව මහින්ද කතා කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

13 වැනිදා ප්‍රහාරයක් ගැන කළ අනතුරු ඇඟවීම පිළිබඳව මහින්ද කතා කරයි

ළඹෙන 13 වැනිදා දරුණු ප්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි අංශ අනතුරු ඇඟවීමක් කර තිබියදී ලක්ෂ හතරක පාසල් දරුවන්ගේ අනාගතය අනාරක්‍ෂිත කිරීම සාධාරණ දැයි විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා (10 වනදා) ආණ්ඩුවෙන් විමසුවේය.

ජාතියේ දරුවන් පිළිබඳ කැක්කුමක් ආණ්ඩුවට වඩා ආගමික නායකයින්ට ඇතැයි කී රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක අංශවල මෙන්ම දේශපාලන නායකයින්ගේ දරුවන් මේ දිනවල පාසල් නොයවන බවද කීවේය.

පළමු ශ්‍රේණියේ සිට හයවැනි ශ්‍රේණිය දක්වා දරුවන්ගේ පන්ති ලබන සඳුදා ඇරඹීමට සූදානම් කර ඇති අවස්ථාවක එදින දරුණු ප්‍රහාරයක් විය හැකි බවට බුද්ධි අංශය විසින් තම ආරක්‍ෂක නිලධාරීන්ට අනතුරු ඇඟවීමක් කර ඇතැයි මහින්ද රාජපක්‍ෂ මහතා කීවේය.

බුද්ධි අංශ එවැනි අනතුර ඇඟවීමක් කර තිබියදී පාසල් දරුවන් අනාරක්ෂිතව පාරට ගැනීම සාධාරණ දැයි විමසු විපක්‍ෂ නායකවරයා වඩා වැදගත් වන්නේ පාසල් විෂය නිර්දේශ නියමිත කාලයට පෙර සම්පූර්ණ කිරීමද නැතිනම් දරුවන්ගේ ආරක්‍ෂාව දැයි ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය.

"අපට වෙඩි නොවදින වාහන තියෙනවා. ඒත් දරුවන් බුලට් පෘෆ් නොවේ. දරුවන්ගේ ජීවිත එක්ක දේශපාලන සූදුව කරන්න එපා. දරුවන්ගේ ජීවිත එක්ක විහිළු කරන්න එපා. " යැයි මහින්ද රාජපක්ෂ මහතා කීවේය.

තමන් මෙම ඉල්ලීම කරන්නේ හිටපු ජනාධිපතිවරයා හෝ විපක්‍ෂ නායකවරයා ලෙස නොව දරුවන්ට ආදරය කරන තාත්තා කෙනකු ලෙස බවද රටේ වර්තමාන තත්වය පිළිබඳ පැවති සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu