gossiplanka alexa ලාංකික බහුතරය එපා කියන රාජිත ලෝකයම පිළිගත් තනතුරකට පත් වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලාංකික බහුතරය එපා කියන රාජිත ලෝකයම පිළිගත් තනතුරකට පත් වෙයි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 72 වන වාර්ෂික සැසිවාරය පසුගිය 19 වන දා ආරම්භ වූ අතර, එම සැසිවාරය පසු ගිය 28 වන දා අවසන් විය.
ඊයේ (29) සහ අද (30) විධායක කමිටු සැසිවාරය පැවැත්වෙන අතර, එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී ඊයේ (29) ආරම්භ වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක කමිටු සැසිවාරයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා එම සංවිධානයේ උප සභාපතිවරයෙකු ලෙස යළිත් වරක් තේරී පත් වුණා.  ඒ 2019-2020 වර්ෂ සදහායි. මීට පෙර 2017 වසරේ දී ද සෞඛ්‍ය අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිධූරයට පත් වුණා. සෞඛ්‍ය අමාත්‍යවරයා එම සංවිධානයේ විධායක කමිටු සාමාජිකයෙකු ද වනවා. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුනිල් ද අල්විස්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ද එක්ව සිටියා. 

 (ඡායාරූපය සහ සටහන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ නිල ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්න ලදී.)
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu