gossiplanka alexa විශ්වාසභංගය පරද්දන්න කෝටි ගණන් මුදල් සංසරණය වන බවට අනාවරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විශ්වාසභංගය පරද්දන්න කෝටි ගණන් මුදල් සංසරණය වන බවට අනාවරණයක්

රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට මොකද වෙන්නෙ කියලා ජනතාව ඉන්නේ ලොකු අවධානයකින්. 


පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලූත්ගමගේ පවසන්නේ රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව යට ගැසීම සදහා මේ වනවිට විශාල වශයෙන් මුදල්  ගණුදෙනු සිදුවෙමින් පවතින බවයි. 

"විශ්වාසභංගයට එරෙහිව කතා කරපු මන්ත්‍රීතුමන්ලා බිලි බාගන්න කෝටිගණන් මුදල් සංසරණය වෙනවා. අපි දැක්කා රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා සමහර මැති ඇමතිවරුන්ගේ ගෙවල්වලට ගිහින් කියනවා අපිව නිවැරදි කරන්න කියලා" යැයි මන්ත්‍රීවරයා පවසනවා. 

මේ අතර මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛතී‍්‍ර ගුණරත්න පවසන්නේ අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව තහවුරු කළ නොහැකි කරුණු මත පදනම් වී ඇති බවක්. ඒ අනුව අදාළ විශ්වාසභංග යෝජනාව ජය ගැනීමටද නොහැකි වනු ඇතැයි ද ඔහු පවසනවා. නානුඔය ප‍්‍රදේශයේ අද පැවති උත්සවයකදි ආණ්ඩුකාර මෛතී‍්‍ර ගුණරත්න මෙම අදහස් පළ කළා.

ආණ්ඩුකාර අසාද් සාලි සහ ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා සම්බන්ධයෙන් චෝදනා ඇත්නම් කළයුත්තේ සාක්‍ෂි සහිතව පොලීසියට පැමිණිලි කිරීම බවයි ආණ්ඩුකාර මෛතී‍්‍ර ගුණරත්න වැඩි දුරටත් පවසා සිටියේ. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu