gossiplanka alexa අතේ සතයක් නැතුව දේශපාලනයට ආපු අය ධනවතුන් වූ විදිහ හොයන්න - අගරදගුරුහිමියන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අතේ සතයක් නැතුව දේශපාලනයට ආපු අය ධනවතුන් වූ විදිහ හොයන්න - අගරදගුරුහිමියන්

මහර මැති ඇමතිවරුන් ලෝක මට්ටමේ පොහොසතුන් වීම ගැන ජනාධිපති කොමිසමක් හෝ පත් කර සෙවිය යුතු යැයි අගරදගරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පැවසූහ.

සතයක් අතේ නැතුව දේශපාලනයට පිවිසි ඇතැම් පක්ෂ-විපක්ෂ දේශපාලඥයන් ධනවතුන් වූ ආකාරය දැන ගැනීමට අයිතියක් ඇති බවද ඊයේ (09) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කාදිනල්තුමා පැවසූහ. ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංගමය එම මාධ්‍ය හමුව සංවිධාන කොට තිබිණි. මඩකළපුව කැම්පස් නමින් හඳුන්වන ආයතනය රජයේ අධීක්‍ෂණය යටතේ පවත්වාගෙන යෑම සුදුසු බවත් ආයතනය තුළ වැරැදි දේවල් නොකරන විදියට පරීක්ෂා කිරීම හොඳ බවත් කීවේය.

ඉස්ලාම් ධර්මය හා අරාබි භාෂාව ඉගෙන ගැනීම වරදක් නැති බවත් කාදිනල් හිමියෝ සඳහන් කළහ. එම ආයතනය රාජසන්තක කළ යුතු යැයි තමන් නොකියන බවත් ප්‍රකාශ කළේය.

ආරක්ෂක අංශ විසින් පරීක්ෂණ කටයුතු හරියට සිදුකොට නැති බව මීගමුවේ පසුගියදා දෙපිරිසක් අතර ඇති වූ ගැටුමට එක් පාර්ශවයක් කඩු, කිණිසි රැගෙන පැමිණීමෙන් පැහැදිලි වන බව සඳහන් කළ උන්වහන්සේ, එම ආයුධ සුළු මොහොතකින් එළියට ගෙන ඇති බවත් ඒවා ප්‍රදේශය තුළ සඟවා තිබූ ඒවා බවත් පැවසීය.

රජය හැකි අයුරින් ආරක්ෂාව තහවුරු  කිරීම සඳහා විශාල වැඩ කොටසක් කරන බවත් මුස්ලිම් ජනතාවත් ඊට සහාය ලබා දෙමින් තිබෙන බවත් එතුමා පැවසීය.

විවිධ අංශවල බුද්ධි අංශවල සහයෝගයත් ලබාගෙන මේ රටේ බුද්ධි අංශ ශක්තිමත් කොට ජනතා ආරක්ෂාව රජය තහවුරු කරනු ඇතැයි විශ්වාස කරන බවද අගරදගුරුතුමා කීවේය.

ආගමික චින්තනයක් වශයෙන් කතෝලික සභාව අන්තවාදය ඉදිරියට ගෙන නොයන බවද එවැනි බලාපොරොත්තුවක් නොමති බවද කාදිනල්තුමා පැවසූහ. පාස්කු ඉරිදා ප්‍රහාර සිදු කළේ නොමඟ යැවු තරුණ පිරිසක් නිසා එහි සියලූ වගකීම මුස්ලිම් ජනතාවට බර කිරීම වැරැදි බව්ටැහැ කීවේය. සියදිවි නසාගත් තරුණ පිරිස මුස්ලිම් අය නිසා එවැනි චෝදනා නැඟුණත්, මුස්ලිම් යට ඇත නොතබන ලෙස යළිත් ඉල්ලා සිටින බවද එතුමන් සඳහන් කළේය. මෙය ආගම් අතර ප්‍රශනයක් නොවන බවද ත්‍රස්තවාදී කණ්ඩායමක් ජාත්‍යන්තර වැඩ පිළිවෙළක් ක්‍රියාවට නැංවීමක් බවද පැවසූහ.

මේ තත්වය සමනය වනතුරු මීගමුවේ බාර් වසා දමන ලෙස ඉල්ලීමක් කළද තමන් දන්නා තරමින් බාර් වැසීමක් සිදු නොවූ බවත් එම ඉල්ලීම ඇසුණේ නැතුව මෙන් බලධාරීන් සිටින බවද මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu