gossiplanka alexa මැච් එකට කලින් දවසෙ රෑ බොන්න බෑ - ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩකයින්ට අලුත් නීති

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මැච් එකට කලින් දවසෙ රෑ බොන්න බෑ - ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩකයින්ට අලුත් නීති

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙනුවෙන් ඉදිරියේදී විනය නීති මාලාවක් ක්‍රියාත්මක කිරීමට ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වෙන බවත් ජයග්‍රහණය හා පරාජය අනුව ක්‍රීඩකයෙකුට කරන ගෙවීම් ක්‍රමවේදයේ අඩු-වැඩි වීමක් සිදු කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කරන්නේ මින් පසු ක්‍රිකට් තරඟයට පැය 12කට පෙර ක්‍රීඩකයෙකු මත්පැන් පානය කර ඇති බවට ඔප්පු වුවහොත් ඒ සඳහා දැඩි දඬුවම් පනවන බවය.

" මෙය දිගින් දිගටම සිදුවන බවට අපිට චෝදනා ලැබිලා තියෙනවා.ඒකට අපි ඉඩ නොදිය යුතුයි. තරඟ පරාජය වෙන්නෙත් මෙය (තරඟයට පෙර මත්පැන් පානය) ප්‍රධාන වශයෙන්ම බලපා ඇති බව අපි තේරුම් ගෙන ඇති නිසයි මෙවැනි වැඩපිළිවෙළක්  ක්‍රියාත්මක කරන්න හිතුවේ. මේ දිනවල පැවැත්වෙන සුපිරි ක්‍රිකට් තරඟාවලියේදී ඒ වැඩපිළිවෙල දැනටමත් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ කියන්නේ ක්‍රීඩකයින් සෝදිසි කිරීම සඳහා අපි කණ්ඩායමක් යොදවලයි තියෙන්නේ. ඒ වගේම ක්‍රීඩකයින් පුහුණුවීම් කරන අතරතුරත් මෙම නීතිය ඉදිරියේදී තදින්ම ක්‍රියාත්මක වේවි " යනුවෙන් සභාපතිවරයා පැවසීය.

" කොහොම වුනත් දිගින් දිගටම අපි පරාජය වන අයුරු දැක්කහම එයටත් වැඩපිළිවෙළක් සකසන්න අපි තීරණය කළා. ඒක නිසා ක්‍රීඩක ගිවිසුමට අනුව ඔවුන් ලබන ජයග්‍රහණය හා පරාජය අනුව ගෙවීම් ක්‍රමයේ අඩු වැඩි වීමක් ඉදිරියේදී සිදුවන වැඩපිළිවෙළක් මේ වනවිටත් හදාගෙන යනවා. ඒ පිළිබඳව 16 වෙනිදා හෝ 17 වැනිදා අපි සියලුදෙනා දැනුවත් කරනවා " යැයිද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu