gossiplanka alexa නවකවදය මුවාවෙන් සිසුවියන් ලිංගික ක්‍රියාකාරකම්වල යොදවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නවකවදය මුවාවෙන් සිසුවියන් ලිංගික ක්‍රියාකාරකම්වල යොදවයි

විශ්ව විද්‍යාලවල නවක වදය ගැන මේ දවස්වල වැඩිපුරම කතා බහ කරන්නේ සිදුවන අමානුෂික වද හිංසා නිසා.
යාපනය විශ්ව විද්‍යාලයේ  නවක වද වලදී සිදු වුණු ලිංගික ක්‍රියාකාරකම් සහ අපහරණ නිසා මේ කතා බහ තවත් වැඩි වුණා.

අළුත්ම තොරතුරුවලට අනුව යාපනය විශ්වවිද්‍යාලයේ මෙලෙසින් නවක සිසුවියන්ට ලිංගික බලපෑම් කරමින් නවක වධය දුන් ජ්‍යෙෂ්ඨ සිසුන් සියලූ‍ දෙනාගේම පන්ති තහනම් කර ඇති බවයි විශ්ව විද්‍යාලීය උපකුලපතිවරයා පවසන්නේ. මෙ අ පිළිබඳ පරීක්ෂන අවසන් වනතුරු නවක සිසුවියන්ට අශීලාචාර අන්දමට නවක වදය දුන් බව කියන තුන්වන වසර හා දෙවන වසර සියලූ‍ම සිසුන්ගේ පන්ති තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

එපමණක් නොව,  එම ජ්‍යෙෂ්ඨ සිසුන්ට යාපනය විශ්වවිද්‍යාල භූමිය තහනම් කලාපයක් බවට ද දැනුම් දී තිබෙනවා. ඒ උපකුලපතිවරයා ගත් තීරණයකට අනුවයි. ඒ අනුව ලබන 22 දා සිට ආරම්භ වන කිසිදු දේශනයකට සහභාගී වීමට හෝ විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල ඇති දේ රැගෙන යෑමට හෝ කිසිදු අවශ්‍යතාවයක් මත විශ්වවිද්‍යාල භූමියට ඇතුළු අදාළ වීම ජ්‍යෙෂ්ඨ සිසුන්ට තහනම් වනවා.

නවක සිසුවියන්ට බලහත්කාරායෙන් නවක වධය දෙමින් ඔවුන් විවිධ  ලිංගික ක‍්‍රියාකාරකම්වලට යෙදවූ බවට නවක සිසුවියන්ගෙන් පැමිණිලි ලැබී ඇති අතර එම සිද්ධීන් ජංගම දුරකථනයක ආධාරයෙන් වීඩියෝ කළ පළමු වසරේ සිසුන් පිරිසකට ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් පහර දී තිබෙනවා.

යාපනය විශ්වවිද්‍යාලයේ සිදුවූ එම සිද්ධීන් දෙකම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් උපකුලපතිවරයාගේ නියමයෙන් ආරම්භ වී ඇති අතර සිද්ධිවලට මුහුණ දුන් නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීම ද ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu