gossiplanka alexa පාසැල් සිසුන්ට රක්ෂණාවරණයත් නැතිවෙයි - විමර්ශන දිගටම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාසැල් සිසුන්ට රක්ෂණාවරණයත් නැතිවෙයි - විමර්ශන දිගටම

ක්ෂණාවරණ ලබා දෙන ආයතන ගැන ජනතාවට දැන් දැන් අඩු තක්සේරුවකින් කතා කරන්නේ. අදාළ ආයතන වල ක්‍රියාකාරීත්වය අඩපණ වීම තමයි මෙය බොහෝදුරට බලපාන්නේ.


සුරක්ෂා රක්ෂණාවරණය කියන්නේ පාසැල් සිසුන්ට හඳුන්වා දුන් රක්ෂණාවරණයක්. රජය විසින් නොමිලේ ලබා දෙන මෙම රක්ෂණාවරණයේ අරමුණු වන්නේ රෝග අනතුර හා ආබාධ තත්ත්වලදී ඉක්මන් සෞඛ්‍යා සේවා සඳහා යොමු කරමින් පාසැල් පැමිණීම වැඩි කිරීම, 13 වසරක පාසැල් අධ්‍යාපනයට සහභාගීත්වය වැඩි කිරීම, ආබාධ තත්ත්ව වල දී අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමට සහාය වීම යානාදියයි.

වයස 5-19ත් අතර මිලියන 4.5ක් වන ශ්‍රී ලාංකික පාසැල් සිසුන් මෙහි ප්‍රතිලාභීන් ලෙස නම් කර තිබෙනවා.

නමුත් මේ වන විට සුරක්ෂා රක්ෂණාවරණය මේ වසරේ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත් හි‍ටුවීමට පියවරගෙන තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා සඳහන් කළේ ජනාධිපතිතුමාගේ උපදෙස් මත එය අත්හිටවූ බවයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට ලැබුණු පැමිණිලි කිහිපයක් හේතුවන් මේ තීරණය ගත් බවයි එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කලේ. අදාළ පැමිණිලි සම්බධයෙන් විමර්ශනයන් සිදුකර අතර එම විමර්ශන වාර්තාව ලැබුණු පසු ඉදිරි පියවර ගනු ඇති බවද ඔහු වැඩි දුරටත් පවසා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu