gossiplanka alexa මධූෂ්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් - පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මධූෂ්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් - පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි

පොලිසි විශේෂ කාර්ය බළකායේ (එස්.ටී.එෆ්.) ප්‍රධානිහු පවසන්නේ පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ට ඩුබායිහි දැනට ක්‍රියාත්මක නීතිය අනුව ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් හිමිවනු ඇති බවයි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙක් ඊයේ ප්‍රකාශ කළේ  මධුෂ් මත්ද්‍රව්‍ය පාවිච්චියට අමතරව තවත් චෝදනා  රැසකට වරදකරුවෙකු වී සිටින බවත්, 23 වැනිදා හෝ  ඊට පෙර ඩුබායි රාජ්‍යයේ මහජන අභිචෝදක (Public Prosecutor) තීන්දුව ප්‍රකාශයට පත්  කරනු ඇති බවයි.

එම ප්‍රධානියා වැඩිදුරටත් කියා සිටියේ මධූෂ්ට විරුද්ධව ඇති චෝදනා හා මෙරට ඔහු වෙනුවෙන් අධිකරණය ගෙන තිබූ ක්‍රියාමාර්ග පිළිබඳව බ(ර්) ඩුබායි පොලිසිය පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානීන්ගෙන් කරුණු විමසූ බවත් හා ඒ පිළිබඳ විස්තර වාර්තාවක් ඩුබායි පොලිසියට බාර දුන් බවත්ය.

එසේම අත්අඩංගුවට ගනු ලැබූ ජනප්‍රිය ගායක අමල් පෙරේරා හා ඔහුගේ පුත් ගායක නදිමාල් පෙරේරා සම්බන්ධයෙන් කළ විමසුමකදී එම නිලධාරියා පැවසුවේ එම දෙදෙනා ද මත්ද්‍රව්‍ය පාවිච්චි කර සිටි බවට පරීක්ෂණවලදී තොරතුරු හෙළිවී තිබෙන බවත් ඉදිරි සතියේදී ඩුබායි මහජන අභිචෝදක විසින් ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් තිරණයක් ගනු ඇති බවත්ය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu