gossiplanka alexa ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ බිරින්දෑවරුන්ට කෙටි විදෙස් තරඟ සංචාර සඳහා එක් වීමට අවස්ථාව අහිමි වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ බිරින්දෑවරුන්ට කෙටි විදෙස් තරඟ සංචාර සඳහා එක් වීමට අවස්ථාව අහිමි වෙයි

විදෙස් තරඟ සංචාරවලට ශ්‍රී ලංකාවේ ජාතික කි‍්‍රකට් කණ්ඩායම සමඟ එක්වන කි‍්‍රඩකයින්ගේ බිරින්දෑවරුන්ට ඉදිරියේදී සීමා පැනවීමක් සිදුවනු ඇති බව වාර්තා වෙනවා.

එම සීමා පැනවීමට අනුව දින 40කට වැඩි විදෙස් තරඟ සංචාර සඳහා පමණක් කී‍්‍රඩකයින්ගේ බිරින්දෑවරුන්ට එක්වීමට අවසර ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි කි‍්‍රකට් ආයතනයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කි‍්‍රකට් ආයතනයෙන් ගන්නා ලද මෙම තීරණයත් සමඟ කෙටි විදෙස් තරඟ සංචාර සඳහා කී‍්‍රඩකයන් සමග එක්වීමට ඔවුන්ගේ බිරිදෑවරුන්ට අවස්ථාව අහිමි වේ. කි‍්‍රකට් බලධාරීන් අදහස් කරන පරිදි මෙලෙස තීරණයක් ගැනීමට සිදුව ඇත්තේ විදෙස් තරඟ සංචාරවලට ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන් එක්වීම කී‍්‍රඩකයන්ටද එක්තරා පීඩනයක් බවයි.

කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සමග සාකච්ඡා කර ඉදිරියේදී තීරණයක් ගන්නා බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu