gossiplanka alexa මදූෂ් එක්ක පාටි දැමූ පිරිස බේර ගන්න ඩුබායි ගිය නීතිඥයන්ට දැඩි අප්‍රසාදයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මදූෂ් එක්ක පාටි දැමූ පිරිස බේර ගන්න ඩුබායි ගිය නීතිඥයන්ට දැඩි අප්‍රසාදයක්

ඩුබායිහීදි අත්අඩංගුවට පත්වූ පාතාල නායක මාකඳුරේ මදූෂ් සමග සිය පෞද්ගලික සාදයට සහභාගී වී සිටි පිරිසක් වෙනුවෙන් පෙනී සිටීම සඳහා මෙරට නීතිඥයන් පිරිසක් ඩුබායි වෙත ගිය පුවත මේ වන විට සමාජජාලා මාධ්‍ය තුල දැඩි ආන්දෝලනයට ලක්ව තිබෙනවා.

ඩුබායිහීදි අත්අඩංගුවට පත් වූවන් වෙනුවෙන් පෙනී සිටීම නිසා සමාජජාලා මාධ්‍යයන්හි මෙම නීතිඥයන් පිරිසට එරෙහිව දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. මෙම නීතිඥවරුන් පිරිසට සමාජජාලා ක්‍රියාකාරීකයන්ගේ අප්‍රසාදය එල්ලව තිබුනේ ඔවුන්ගේ අපරාධයන්ට මෙම නීතිඥයන්ගෙන් එල්ල වන්නේ පිටුවහලක් වන බව කියාය.

මෙරට භීෂණය වපුරමින්,කප්පම් ලබා ගනිමින්, ඝාතන කරමින් සහ මත් කුඩු ව්‍යාපාරයෙන් උපයා ගත් කෝටි ගණනක මුදල් උපයෝගී කරගෙන පාතාල නායක මාකඳුරේ මදූෂ් ඩුබායිහී සිට සුඛොපභෝගී ජීවිතයක් ගත කරමින් සිටි බව සැවොම දන්නා කරුණක් ය. ඒ අනුව මාකඳුරේ මදූෂ් වෙනුවෙන් පෙනී සිටීමට පැමිණෙන නීතිඥයන්ට කෝටී ගණනක මුදල් ගෙවීමට සුදානම් බවට මින්පෙර මාධ්‍ය වාර්තාද පළ විය. මෙවැනි කරුණු කාරණා හේතුවෙන් මදුෂ් සමඟ සිටි පිරිස වෙනුවෙන් නීතිය ඉදිරියේ පෙනීසිටින නීතිඥයන් වෙනුවෙන් බොහෝ දෙනාගේ අප්‍රසාදය පල වී තිබුණි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu