gossiplanka alexa සහරා ෆ්ලෑෂ් කණ්ඩායමට එල්ල වූ ගල් ප්‍රහාරයේදී චාමර වීරසිංහ පිහිට වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සහරා ෆ්ලෑෂ් කණ්ඩායමට එල්ල වූ ගල් ප්‍රහාරයේදී චාමර වීරසිංහ පිහිට වෙයි

මේ දවස්වල තරුණයන් අතර ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වන සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමට ගණේමුල්ල ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයකදී ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එම ප්‍රහාරයෙන් සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදන ශිල්පී හසිත කෝකිල රාගම දරුණු ලෙස තුවාල වී තිබෙන අතර හිසට සිදුවූ තුවාළ හේතුවෙන් ඔහුව රෝහල් ගත කර ඇත.

මෙම ගල් ප්‍රහාරය එල්ලකර ඇත්තේ සංවිධායක මණ්ඩලය විසින් ප්‍රසංගය පැවති ප්‍රදේශයේ අයෙකුට ගීත ගායනා කිරීමට අවස්ථාව ලබාදීමත් සමඟ නරඹන්නෙකු විසින් එයට උරණ වීමත් සමඟය.

මෙම ප්‍රහාරය එල්ලවීමත් සමඟ තුවාල ලැබූ කීබෝඩ් වාදන ශිල්පියාව රෝහල් ගත කිරීමට කිසිවෙකු  ඉදිරිපත් වී නොමැති අතර ඒ අවස්ථාවේ සියලු දෙනා බලා සිටියදි ගායන ශිල්පී චාමර වීරසිංහ විසින් ඔහුව කඩිනමින් රෝහල් ගත කර තිබෙනවා. එම අවස්තාවේදී චාමර වීරසිංහ ප්‍රසංගය අතහැර දමා, මුදල්ද අමතක කරමින්  වාල ලැබූ  වාදන ශිල්පියාව රෝහලට ගෙන ගොස් ඔහු සමග රෝහලේ රැඳී සිටීමටද කටයුතු කර තිබෙනවා.

මෙම සිදුවීම පිළිබඳ සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදන ශිල්පී හසිත කෝකිල රාගම සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන මෙලෙසය.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu