gossiplanka alexa මගේ නමට අපහාස කිරීමෙන් වළකින්න - මංගලගේ චෝදනා වලට යෝෂිතගෙන් පිළිතුරු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මගේ නමට අපහාස කිරීමෙන් වළකින්න - මංගලගේ චෝදනා වලට යෝෂිතගෙන් පිළිතුරු

යේ (17දා) පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර යෝෂිත රාජපක්ෂට චෝදනාවක් එල්ල කර සිටියා. ඒ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන් මිලට ගැනීමේ

කටයුතු ආරම්භ කර ඇති බවටයි. මංගල සමරවීර මන්ත්‍රීවරයා සිය ටිව්ටර් ගිණුමෙන් ටිව්ටර් පණිවිඩයක් තබමින් එල්ල කළ මෙම චෝදනාවට යෝෂිත රාජපක්ෂ පිළිතුරු ලබා දී තිබුනා.

යෝෂිත රාජපක්ෂ ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුනේ,
"කරුණාකර මාව දේශපාලනයෙන් ඉවත් කර තබන ලෙසත්, තමන් රග්බි තරඟවාරය හේතුවෙන් ඉතා කාර්යබහුල වී ඇති නිසා රජය වෙනුවෙන් ගනුදෙනු කිරීම සඳහා වෙලාවක් නොමැති බවයි. එබැවින් මගේ නාමයට අපහාස නොකිරීමට වග බලාගන්න." යනුවෙනුයි.

යෝෂිත රාජපක්ෂට චෝදනා කරමින් මංගල සමරවීර නිකුත් කළ ට්විටර් පණිවිඩය සහ එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් යෝෂිත රාජපක්ෂ පිළිතුරු ලබා දුන් ට්විටර් පණිවිඩය පහතින් දක්වා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu