gossiplanka alexa පාර්ලිමේන්තුවේදී අද සිදුවූ දේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාර්ලිමේන්තුවේදී අද සිදුවූ දේ

ද (14දා) පාර්ලිමේන්තුව තුළ ජනතා විමුක්ති පෙරමුණ විසින් අගමැතිවරයා ප්‍රමුඛ ඇමතිමණ්ඩලයට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව නිසා පාර්ලිමේන්තුවේ ඇතිවූයේ උණුසුම් තත්වයකි.
විශ්වාසභංගය  කතානායකවරයා  ස්ථාවර නියෝග ද අත්හිටුවමින් භාර ගැනීමට කටයුතු කළ බව සභාව මැදට පැමිණ ආන්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කෑකෝගසන්නට විය.
අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් විශ්වාසභංග යෝජනාව ගැබට ඉදිරිපත් කළ අතර එය විජිත හේරත් මන්ත්‍රීවරයා විසින් ස්ථිර කර තිබෙනවා. කතානායකවරයා ප්‍රකාශ කළේ ඒ අවස්ථාවේ සභාවේ ඇති වූ ඝෝෂාකාරී තත්ත්වය අනුව විශ්වාසභංගයට වැඩි පිරිසක් සහය පල කරන බව පෙනෙන්නට ඇති බවත්, එම හේතුවෙන් ඡන්ද විමසීමක් පැවැත්වීමට අවශ්‍ය බවත්ය. කෙසේ නමුත් ආණ්ඩු පක්ෂය, ස්ථාවර නියෝග අනුව එයට ඉඩක් නොමැති බව කියමින් කෑගැසීම නිසා කලබලය සහ ඝෝෂාව උස්සන්න වී තිබිණි.

එම අවස්තාවේ ස්ථාවර නියෝග අත්හිටුවීමේ  යෝජනාවක් ඉදිරිපත්වී සම්මත වුණු අතර පාර්ලිමේන්තුට මෙවැනි දෙයක් සාකච්ඡා කිරීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ සඳහා කතානායකවරයා පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමක් පවත්වන්නට දැරූ උත්සාහය කලබලය නිසා සාර්ථක නොවීය. තවද කතානායකවරයා කියා සිටියේ නම අනුව ඡන්ද විමසීම කැඳවන්නට නොහැකි හේතුවෙන් හඩ අනුව බහුතරය එකඟ නිසා ඡන්ද විමසීමට තමාට හැකි බවයි. ඒ අවස්ථාවේ අගමැති මහින්ද රාජපක්ෂ සභාවෙන් ඉවත් වුණා. සෙසු පිරිස්ද ඔහු අනුගමනය කළේය. එසේම කතානායක කරු ජයසූරිය මහතා අද කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාට හෝ එම ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නොමැති බව පෙනී යන බවත් ය.

දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ සභාවේ කටයුතු හරියට සිදු නොවූ බවයි.
කතානායකවරයා පක්ෂපාතීව කටයුතු කළ බව බන්දුල ගුණවර්ධන මහතා කීවේය

මන්ත්‍රීවරු කිහිප දෙනෙකු ඡන්ද විමසන අවස්ථාවේ සෙන්කෝලය රැගෙන යෑමට ද  උත්සාහ ගත් බව වාර්තා වන අතර කලබලය මැද පාර්ලිමේන්තුව හෙටට කල් දැමුවේය.

ජවිපෙ ගෙනා විශ්වාස බංග යෝජනාව පහතින්,





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu