gossiplanka alexa රූපවාහිනී පරිශ්‍රයේ ඇති වූ නොසන්සුන් තත්වයක් හේතුවෙන් නාලිකා විකාශයත් නවතී - වීඩියෝ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රූපවාහිනී පරිශ්‍රයේ ඇති වූ නොසන්සුන් තත්වයක් හේතුවෙන් නාලිකා විකාශයත් නවතී - වීඩියෝ

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව රටේ ඇති වූ හදිසි දේශපාලන පරිවර්තනය අතරතුර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ විකාශන කටයුතු හදිසියේ අත්හිටුවා ඇති බව වාර්තා වෙනවා. මෙලෙස විකාශන කටයුතු අත්හිටුවා ඇත්තේ
ජනාධිපති කාර්යාලයේ නියෝගයක් මත බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව, සිදුව ඇති දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකායක් සිදු කිරීම සඳහා අමාත්‍යවරුන් කිහිප දෙනෙකු රූපවාහිනී සංස්ථාව වෙත පැමිණ ඇතත් ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලැබී නොමැත.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර යන අමාත්‍යවරුන් මේ සඳහා පැමිණ තිබෙන අතර ඉන් අනතුරුව මෙලෙස විකාශන කටයුතු හදිසියේ අත්හිටුවා ඇත. මීට සුළු වේලාවකට පෙර රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා හමුදා ආරක්ෂාව යෙදවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති අතර මේ වන විට එය ක්‍රියාත්මක වන බවයි අපට වාර්තා වන්නේ.

ඒ වගේම රූපවාහනී ආයතනය අසල මෙන්ම ස්වාධීන රූපවාහිනී ආයතනය අසල රාජපක්ෂ හිතවාදීන් විශාල පිරිසක් රැඳී සිටින බවත්, ස්වාධීන රූපවාහිනී ආයතනයේ ප්‍රවෘත්ති මැදිරියේ සිටි සේවකයන් කිහිප දෙනෙකු පන්නා දමා ඇති බවත් වාර්තා වෙනවා.

රූපවාහිනී පරිශ්‍රයේ දැන් ලැබුණු නවතම දර්ශන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu