gossiplanka alexa රටේ ඇතිවූ හදිසි දේශපාලන පෙරළිය සම්බන්ධව එජාපය දැක්වූ අදහස් - (වීඩියෝ)

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රටේ ඇතිවූ හදිසි දේශපාලන පෙරළිය සම්බන්ධව එජාපය දැක්වූ අදහස් - (වීඩියෝ)

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
සම්පුර්ණයෙන්ම බොරුවක් කියල තමයි මට අද කියන්න තියෙන්නේ.  අපිත් රැවටුනා. රටේ ජනතාවත් රැවටුනා. යහපාලනයට ඡන්දේ දුන්නේ අයත් රැවටුනා. ඇත්ත වශයෙන්ම මම හිතන විදියට ජනාධිපතිතුමාගේ ඇත්ත මුහුණ

මෙච්චර කාලයක් කිසිම කෙනෙක්ට දැකගන්න බැරි වුණා. ඔක්කොම කට්ටිය ඉන්නේ එක පිළේ කියල තමා මෙතැනින් ඔප්පු වෙන්නේ. ලොකු කණගාටුවක් තියෙනවා ජනාධිපතිතුමා පත් කරගන්න එලියට බැහැල උගුර කට ලේ රහ වෙනකම් කෑගහපු කෙනෙක් විදියට අපරාදේ එච්චර මහන්සි වුනේ මේ වගේ දෙයක් නම් අවසානයේ අපිට ඉතුරු වෙන්නේ.
ඒ කෙසේ වෙතත් තවමත් බහුතරය තියෙන්නේ අපි ළඟ. අපි ඉස්සරහට ජනතාව කාත් එක්කද ඉන්නේ කියලා පාර්ලි‌‌මේන්තුවේදී ඔප්පු කරලා පෙන්නවා.

චතුර සේනාරත්න
2015 ජනවාරි 08 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව මේ රටේ පොදු අපේක්ෂකයා බවටත්, ඉන් අනතුරුව ජනාධිපතිවරයා බවටත් පත් කරන්න මේ රටේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් හැටියට අපි දැවැන්ත අරගලයක නිරත වුනා. එදා පරාජය කරන්න බැහැයි කියපු මහින්ද රාජපක්ෂ මැතිතුමාව පරාජය කරලා පෙන්නුවා. එදා අපිත් එක්ක පෙළ ගැසුණු හැට දෙලක්ෂයක් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නැවතත් මේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ ඊළඟ මෙහෙයුම ජයග්‍රහණය කරන්න අපිත් සමඟ අත්වැල් බැඳගන්න. මේ වගේම ලෝක ඉතිහාසයේත් අපි දැකල තියෙනවා චිලි දේශයේ සැල්වදෝර අයන්ඩව පරාජය කරන්න පිනෝෂිගේ ඒකාධිපති වාදය එදා පැන නැගුන හැටි. නමුත් ඒ සියල්ල මහජන මතය ඉදිරියේ ජනතා බලය ඉදිරියේ පරාජය වෙනවා. ඒක හින්දා මේ රටේ  ජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරනත්වය උදෙසා මේ අරගෙන ගිය පුළුල් දේශපාලන වැඩ පිළිවෙල ඉදිරියට අරගෙන යන්න, මේ රට අලුත් මාවතකට යොමු කරන්න ආණ්ඩුවේ තියෙන සියලු වැරදි අඩුපාඩුකම් නිවැරදි කරගෙන අලුත් යුගයක් ආරම්භ කරන්න සියලු ජනතාවට අපි ආයාචනය කරනවා.

සම්පුර්ණ වීඩියෝව පහතින් බලන්න.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu