gossiplanka alexa බෞද්ධ උරුමය කෙලෙසමින් පිදුරංගල ගල උඩ නිරුවතින් ඡායාරූප ගත් අයට වැඩ වරදින ලකුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බෞද්ධ උරුමය කෙලෙසමින් පිදුරංගල ගල උඩ නිරුවතින් ඡායාරූප ගත් අයට වැඩ වරදින ලකුණු

රුණ තරුණියන් ඓතිහාසික සීගිරිය - පිදුරංගල රජමහා විහාරස්ථානයේ පිදුරංගල ගල මත සිට අඩ නිරුවත් ඡායාරූප ලබාගෙන සමාජ මාධ්‍යයට මුදා හැරීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කථාබහට ලක්ව ඇත.

පුරාවිද්‍යාබලධාරීන් පෙන්වා දෙන්නේ පිදුරංගල, සීගිරිය බලකොටුවක් ලෙස පැවති සමයේ එහි සිටි රහතුන් වහන්සේලාට වැඩ සිටීමට ආරාම සකසා පූජා කළ ඓතිහාසික ස්ථානයක් බවත් ජනප්‍රවාදවල පවතින අන්දමට පිදුරංගල යනු මහා වංශය ලියූ මහානාම හිමියන් වැඩ විසූ පුරාණ දික්සඳ සෙනෙවියා පිරිවෙන බවට ද විශ්වාසයක් පවතිනවා.

කෙසේ වෙතත් පිදුරංගල රාජමහා විහාරාස්ථානයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ධානියාගම ආනන්ද හිමියන් සඳහන් කරන්නේ පිදුරංගල රාජමහා විහාරයට සහ එම ස්ථානයට අපහාස වන අයුරින් අශෝභන ලෙස ඡායාරූප පළ කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි. ඒ අතරම සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන්ද ප්‍රකාශ කරන්නේ මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක්ද සිදුකළ යුතු බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu