gossiplanka alexa සෑම තීරණයක්ම හතුරුසිංහ සහ තෙරීම් කමිටුව එක්ව ගත්තද පරාජයේ වගකීම තමන්ට පමණක් ලබා දීම පාවාදීමක් - ඇන්ජලෝ මැතිව්ස්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සෑම තීරණයක්ම හතුරුසිංහ සහ තෙරීම් කමිටුව එක්ව ගත්තද පරාජයේ වගකීම තමන්ට පමණක් ලබා දීම පාවාදීමක් - ඇන්ජලෝ මැතිව්ස්

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වාට, ශ්‍රී ලංකා ක්‍රිකට් සීමිත ඕවර හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් විසින් ලිපියක් යොමු කර තිබෙන අතර එහිදි තමාගේ ඉල්ලා අස් වීම පිළිබදව මෙන්ම තවත් තොරතුරු කිහිපයක් මැතිව්ස් සටහන් කර තිබෙනවා.

පසුගිය 21 වැනිදා පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ තේරීම් කමිටුව සමග පැවැති රැස්වීමේදී තමන්ට ඉල්ලා අස් වීමට ඔවුන් පැවසීම මවිතයට තුඩු දුන් බවයි මැතිව්ස් පවසන්නේ. ඔහු ගත් සෑම තීරණයක්ම චන්දික හතුරුසිංහ සහ තෙරීම් කමිටුව සමග එක්ව ගත්තද මෙලෙසින් පරාජයේ වගකීම තමන්ට පමණක් ලබා දීම පවාදීමක් මෙන් හැඟෙන බව මැතිව්ස් එම ලිපියෙහි සදහන් කර තිබෙනවා.

තරඟවල පරාජයන්හි වගකීම නායකත්වය පිට පමණක් පැටවීම තමන් එකග නොවෙන බව එම ලිපියෙහි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. කෙසේ නමුත් පුහුණුකරුගේ සහ තේරීම් කමිටුවේ ඉල්ලීමට කන් දෙමින් තමන් නායකත්වයෙන් ඉල්ලා අස් වන බවටත් මැතිව්ස් පවසනවා. මැතිව්ස්ගේ නායකත්වයෙන් ජයග්‍රහණය කළ තරගාවලි පිළිබදවද ඔහු එම ලිපියේ සටහන් කර තිබෙනවා.

පසුගිය දකුණු අප්‍රිකානු තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා තමන් බවත්, පුහුණුකරු සහ තේරීම් කමිටුව අවස්තාව ලබා දෙන තෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් තමන් ක්‍රීඩා කිරීමට සුදානම් බව මැතිව්ස් පවසා තිබෙනවා.  ක්‍රීඩාවේදී තමන් උපරිමය කිරීමට සුදානම් බවත් ඕනෑම මොහොතක ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට සුදානම් බවද ඔහු සිය ලිපියේ සදහන් කර තිබෙන අතර නව නායකයාට සුභ පතන මැතිව්ස් ක්‍රීඩකයෙකු වශයෙන් කණ්ඩායමට උපරිම දායකත්වය ලබා දීමට සුදානම් බවද ඔහු වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu