gossiplanka alexa පෙම්වතා සමග යතුරුපැදියේ චාරිකාවක් ගිය සෙහාරා කඳු මුදුනකින් ඇද වැටී අත් වූ අවාසනාවන්ත ඉරණම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පෙම්වතා සමග යතුරුපැදියේ චාරිකාවක් ගිය සෙහාරා කඳු මුදුනකින් ඇද වැටී අත් වූ අවාසනාවන්ත ඉරණම


පෙම්වතුන් යුවළක් පඬුවස්නුවර, රත්මුලුකන්දේ යතුරුපැදි චාරිකාවක නිරතවෙමින් සිටියදී ඔවුන් ගමන් කළ යතුරුපැදියක් ප්‍රපාතයකින් පහළට ඇද වැටී අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් 17 හැවිරිදි පාසල් සිසුවියක් එම ස්ථානයේම මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. ඇය  කුලියාපිටිය සුරධුත බාලිකාවේ 12 වසර ඉගෙනුම ලැබූ
දූනකයාවත්ත මූණමල්දෙණිය පදිංචිව සිටි සෙහාරා සනක්ෂි නම් පාසල් සිසුවියක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

සිසුවියගේ මව්පියන් අනුරාධපුර ප්‍රදේශයේ වන්දනාගමන නිරතව සිටීම හේතුවෙන් ඇයගේ නිවසේ කිසිවෙක් නොසිටි බවයි වාර්තා වන්නේ. එම අවස්ථාවේ 18 හැවිරිදි තරුණයා සහ සිසුවිය, ඇයට අයත් යතුරුපැදියක නැගී තරුණයාගේ මිතුරන් දෙදෙනෙකු ද සමඟ රත්මුලුකන්ද පුරාණ විහාරය පිහිටි කඳු මුදුනට ගොස් ඇති බවයි මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙන්නේ. පසුව එම ස්ථානයේ සිට අධික බෑවුම් සහිත ප්‍රදේශය පසුකරගෙන යන අවස්ථාවේදී යුවළ ගමන්ගත් යතුරුපැදිය බෑවුමෙන් පහළට ඇද වැටී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම අනතුර සිදුවීම පෙම්වතුන් යුවළ සමඟ පැමිණි මිතුරන් දැක නොමැති අතර පෙම්වතුන් දෙදෙනාට සිදුවූ දේ පිළිබඳව සොයා බැලීමේදී ඔවුන් දෙදෙනා යතුරුපැදියත් සමඟ ප්‍රපාතයට ඇද වැටී සිටිනු දැක තිබෙන අතර පසුව අනතුරට පත් දෙදෙනා කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් සිසුවිය ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ. ඊයේ (07දා ) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් බරපතල තුවාල ලැබූ 18 හැවිරිදි තරුණයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu