![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhBeShYZiiaKCwUNEiBI7fMb56I8ydWygNoVlEvLGfZWS3je9_GuqltKD2SenaBDYjo8_oWtevv9bOUsalarepTtxG8bPRoY-ktTEtJb3ABHv_IMJgM8__vJXw1HdQ6K4EbhWTdO06dQ4wc/s1600/wawniya-bus-accident.jpg)
පෞද්ගලික බස් රථයක්
පෙරළීමෙන් මගීන් 30 දෙනෙකු
රෝහල් ගත කරයි
වවුනියාවේ මාන්කුලම ප්‍රදේශයේදී පසුගිය 6දා සවස පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් එහි ගමන් කල මගීන් 30 දෙනෙකු තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.වවුනියාවේ සිට මුලතිව් විශ්ව මඩු දක්වා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථය ඊට ඉස්සරහින් ධාවනය වෙමින් තිබූ බස් රථයක් ලුහුබැදීමට අධික වේගයෙන් ගමන් කරද්දී රියදුරුට බස් රථය පාලනය කරගැනීමට නොහැකිව එය පෙරළී ගොස් තිබෙන අතර බස් රථය අධික වේගයෙන් ගමන් කල අවස්ථාවේදී එය පාරෙන් ඉවතට පැන බෝක්කුවක ගැටීම නිසා බෝක්කුවටද දැඩි අලාභ හානි සිදුවී තිබෙනවා.
තුවාල ලැබූ 30 දෙනාගෙන් 19 දෙනෙකු ප්‍රතිකාර ලබාගෙන රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.ඉතිරි 11 දෙනා තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගෙන් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි. කනගරායන්කුලම් පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන යයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj39QfVdwtSDuvjKXqcCVarxXslzSnl6tK9MfuaUXZgdMwU9G8hcVyLgnc23o8uFVOfsMwvyShwwMzNLJ-nQanPVBkxSY5mt44RCEp6sN2JGXWXmBsPZAff8WHb_tdCpO_v1c0R-vWUj0X9/s1600/BUS_0033.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhczcRwLcgkxlX2jwpeBHVwgDiXs3c6HmHEoQ7ZEt8ty5GzCSGroo5kxihyphenhyphenNse42p2U427RvEvmV0Q3mtM6ZH7dnMqeDtjbWbE03cr0DjIhP3HJx8j-9Pu0DR5IHtB2mRgmgyqKKBIA6Lv7/s1600/BUSS_01.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgRj5bxeoC3sN0VMK6t2bfXRAhvzjBkzN6gST8gi8nvk6SkLWrRj7lrEzSbfgGIZhezd7xQ4nYsu_IXmTMwfWBwCnqwOjJAfyFc0oO0SmSD5inUbbNyRiakDHIkmW8yr3AnF0TyrVji_EPF/s1600/BUSS_02.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkZToXo7Dif0mySm6h9_4H3B8SQc90GKHVksSpCfVcfbCarmhbNCiatinXjt62IKf1S_Fw4DIE_fAPsx8isOp5E6C3y2TEPJo2pNW7kkAAcdkLGMFrZLssn48C2CV9KE07Km6yBpQ9_l1y/s1600/Buss_04.jpg)