gossiplanka alexa ගම්මන්පිලට රනිල්ගෙන් කැබිනට් ඇමතිකමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගම්මන්පිලට රනිල්ගෙන් කැබිනට් ඇමතිකමක්



ගම්මන්පිලට රනිල්ගෙන් 
කැබිනට් ඇමතිකමක්
මහින්දත් එකඟ වෙයි!

පිවිතුරු හෙළ උරුමයේ මහ‍ලේකම් උදය ගම්මන්පිල මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් පිරිනැමීමට අවස්ථාව දෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන්  ඉල්ලීමක් කර තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකිර්ණයේ ආලින්දයේදි හමුවූ අවස්ථාවේදී අගමැතිවරයා මෙම ඉල්ලීම කර ඇත.

විශ්වාසභංග යෝජනාව ගෙනවිත් තම ශක්තිය පෙන්වීමට අවස්ථාව උදාකිරීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතාට කැබිනට් අමාත්‍යධූරයක් පිරිනමා කෘතඥතාවය පළ කිරීමට තමා සූදානමින් සිටිතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙහිදී ප්‍රකාශ කර ඇති අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉහත කරුණු දැක්වීම පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, එකඟත්වය පළ කිර ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන් උදය ගම්මන්පිල මහතා සමග පාර්ලිමේන්තු ආලින්දයේ රැඳී සිටි අවස්ථාවේදී ද එතනට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උදය ගම්මන්පිල මහතාට කෘතඥතාවය පළ කරන බව ප්‍රකාශ කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu