gossiplanka alexa ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කුඩු කළ ක්‍රීඩාගාරය හදන්න බංග්ලාදේශයෙන් වන්දි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කුඩු කළ ක්‍රීඩාගාරය හදන්න බංග්ලාදේශයෙන් වන්දි



ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කුඩු කළ ක්‍රීඩාගාරය හදන්න
බංග්ලාදේශයෙන් වන්දි

පසුගියදා පැවති නිදහස්‌ කුසලාන විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරගයේ සිදුවූ උණුසුම් වාතාවරණය හේතුවෙන් බංග්ලාදේශ ක්‍රීඩකවයන්ගේ විවේකාගාරයේ සිදුවූ අලාභ හානි වලට වන්දි ගෙවීමට බංග්ලාදේශ ක්‍රිකට්‌ ආයතනය කැමැත්ත පළ කර තිබෙනවා.
තරඟයේ අවසන් ඕවරයේ නිපන්දුවක්‌ ඉල්ලා විනිසුරුවන්ගේ තීරණයට බාධා කරමින් හැසිරුණු බංග්ලාදේශ නායක ෂකීබ් අල් හසන් පිටිය මැද සිටි සිය කණ්‌ඩායමේ පිතිකරුවන්ට ක්‍රීඩාගාරයට පැමිණෙන ලෙස දන්වා සිටියේය. නමුත් විනිසුරුවන් සහ තරග තීරක මැදිහත්වීමෙන් පිතිකරුවන්ගේ පිටවීම වැළකුන අතර යළිත් තරගය ආරම්භ විය.

කෙසේ වෙතත් අවසානයේදී ක්‍රිකට්‌ ක්‍රීඩාවේ ජීව ගුණයට හානි පමුණුවන ලෙස හැසිරුණු බංග්ලාදේශ නායක ෂකීබ් අල් හසන් ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිය විවේකාගාරයේ වීදුරුවක්‌ කුඩු කළ බවට සාක්‌ෂි හමුවී තිබේ. ඒ අනූව ඔහු අතින් සිදුවූ එම ක්‍රියාව හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වලට සිදුවූ අලාභයට වන්දි ගෙවීමට බංග්ලාදේශ ක්‍රිකට්‌ ආයතනය එකඟත්වය පළ කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මාධ්‍යයට පවසා තිබුණි.

"බංග්ලාදේශ ක්‍රිකට්‌ ආයතනය පිළිගෙන තිබෙනවා ඒ අයගෙ ක්‍රීඩකයන්ගෙ අතින් වරදක්‌ වුණා කියලා. වීදුරුව ෂකීබ් අල් හසන් බිඳ දැමුවා කියලත් ඔවුන් පිළිගෙන තියෙනවා. ඒ අනූව ඒ අය අපිට දැන්වුවා ඒ වීදුරුවේ අලාභය ගෙවීමට කැමැති බව. අපි ඉදිරියේදී ඒ සඳහා යන වියදම බංග්ලාදේශ ක්‍රිකට්‌ ආයතනයට දන්වනවා. මම හිතන විදිහට රු.150,000-200,000 අතර මුදලක්‌ එහි ප්‍රතිශංස්‌කරණයට වැය වේවි. නමුත් තවම අපි හරියටම ගණන් බලා නැහැ." යෑයි ඈෂ්ලි ද සිල්වා පවසා තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu