gossiplanka alexa කවුරුත් දන්නා බන්දු සමරසිංහගේ පුතාගේ සුර දෙව්ලිය කවුද...?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කවුරුත් දන්නා බන්දු සමරසිංහගේ පුතාගේ සුර දෙව්ලිය කවුද...?



කවුරුත් දන්නා බන්දු 
සමරසිංහගේ පුතාගේ 
සුර දෙව්ලිය කවුද...?

බන්දු සමරසිංහ  කියන  චරිතය අමුතුවෙන් හදුන්වල දෙන්න ඕනා නැනේ කෙනෙකුට හිනාවෙන්න නම් හැමෝටම පුළුවන්. ඒත් හැමෝවම හිනස්‌සන්න කෙනකුට පුළුවන්නම් ඒක ලොකු හපන්කමක්‌. බන්දු සමරසිංහ කියන්නෙ ඒ දේට උපන් හපන්කම් තියෙන අපූරු රංගන ශිල්පියෙක්‌. ඔහුගේ පුතා කුමර කාංචන සමරසිංහ තාත්තගේ අඩිපාරේ යන ගමන් තවත් වැඩකට අතගහලා .

තාත්තා රටේ ජනප්‍රිය රංගන ශිල්පියෙක්‌ පුතා ගායකයෙක්‌ වෙන්නද හදන්නේ?

නෑ... පොඩිකාලේ ඉඳන් තාත්තයි මමයි විනෝදයට ගිටාරය Play කරනවා. අපි දෙන්නා සින්දු කියනවා. ගායනය කියන්නේ මගේ විනෝදාංශය.

තාත්තට රටම හිනස්‌සන්න පුළුවන් වුණාට පුතාට ඒ හැකියාව නැද්ද?

තාත්තා පුළුවන් විදියට රසිකයන්ව හිනස්‌සන්න තමයි උත්සාහ කරන්නේ. මමත් පාසලේදී නම් එහෙම දේවල් කරල තියෙනවා. ඒත් මම හිතන්නේ නෑ තාත්තා තරම් මට ඒ දේ කරන්න පුළුවන් වේවි කියලා. තාත්ත මූලික තැන දෙන්නෙ මගේ ඉගෙනීමට. ඊට අමතරව මගේ හැකියාවෙන් යමක්‌ කරල ස්‌ථාවර වෙන්න කියල තමයි කියන්නෙ.

ඔබේ සමකාලීනයන් දැන් බොහෝ දුර ඇවිත්. ඔබ තවමත් අතරමඟ?

ඇත්තටම ඒ ඒ අයගේ ජීවන රටාව අනුව සිදුවුණ දෙයක්‌. මම තනිවෙලා නෑ. යහපත් දෙයක්‌ රටට කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

අලුත් අවුරුද්දෙ එළිදක්‌වන කුළුඳුල් ගීතය ගැන කතා කළොත්?

ඒ ගීතය 'සුර දෙව්ලියේ'. ආදර ගීතයක්‌.

ගීතය ලිව්වේ?

මමම තමයි ගීතය ලිව්වේ. ඒ දැනට අවුරුදු පහකට විතර කලින්. තනුව මගෙම තමයි. සංගීතය කලේ නිසල් ගංගොඩගේ

සනුක ඔබගේ හොඳ යහළුවෙක්‌. ඔහුව සම්බන්ධ කර නොගත්තේ?

මේ ගීතය සනුකට ආවේණික එකක්‌ නොවෙයි. මගේ ඊළඟ ගීතයට අනිවාර්යයෙන්ම සනුක හරි පසන් ලියනගේ හරි සම්බන්ධ වේවි.

පුතා කරන අලුත්ම වැඩේ ගැන තාත්තා මොනවද කිව්වේ?

ඇත්තටම තාත්තා ගොඩක්‌ සතුටු වුණා. එයා ඒක අහලා හොඳයි කිව්වා. ඒත් මගේම නිර්මාණයක්‌ නිසා අඩුපාඩු හදන්න ගියේ නෑ. සංගීතය හදාරන්න මට කාලයක්‌ තිබුණේ නෑ. ඒ නිසා මම මේ ක්‌ෂේත්‍රයට ආධුනිකයෙක්‌. මේ ගීතයත් අවුරුදු දෙකක්‌ තුනක්‌ තිස්‌සේ ලිව්වා.

අධ්‍යාපන කටයුතු අවසන්ද?

සම්පූර්ණයෙන් අවසන් නෑ. LLB විභාගය ලිව්වා. පෙබරවාරි මාසයේ නීති විද්‍යාලයට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඒ කියන්නේ අනාගතයේ නීතිඥයෙක්‌?

එහෙම බලාපොරොත්තුවක්‌ නම් නැහැ. මට මූලිකම දේ වුණේ හොඳ අධ්‍යාපනයක්‌ ලබාගැනීම. නීතිඥයෙක්‌ වෙනවට වඩා මම කැමති private Company එකක නීති උපදේශකයෙක්‌ වෙන්න.

රඟපෑමට කැමැත්තක්‌ නැද්ද?

එහෙම නෑ... තාත්ත කරපු පීටර් වන් Film එකේ බ්‍රයන් කියන චරිතය මම රඟපෑව. දෙවැනියට දමිත් ෆොන්සේකා මහත්මයා කරපු Film එකකත් මම රඟපෑවා. ඒ Film එක නම් තාම Release වෙලා නෑ.

තාත්තා හොඳින් ඇසුරුකරන නිෂ්පාදකවරුන්ගෙන්, අධ්‍යක්‌ෂකවරුන්ගෙන් පුතාට ආරාධනාවක්‌ නැතිද?

සුනිල් ටී මහත්මයාගෙන් ආරාධනාවක්‌ ලැබුණ. ඒ මම O/L, A/L කරන කාලෙ. අධ්‍යාපන කටයුතුවලට බාධා වන නිසා සහභාගි වුණේ නෑ. ඒත් දැන් එහෙම ආරාධනාවක්‌ ලැබුණොත් නම් සාධාරණයක්‌ කරනවා.

අලුත් ගීතයේ Music Video එක ගැන කතා කළොත්?

මම සහ තනාශා හතුරුසිංහ  තමයි ඒකෙ ඉන්නේ. අධ්‍යක්‌ෂණය කළේ කසුන් කාවිංග. තාත්තත් ඒකට ගොඩක්‌ මහන්සි වුණා. රූගතකිරීම් කළේ මැලේසියාවේ.

ඉතින්  ඒ ගීතය එළිදක්‌වන්නේ ප්‍රසංගයකින්ද?

තාම එහෙම දෙයක්‌ ගැන හිතලා නැහැ. තාත්තගේ You Tube Account එකක්‌ තියෙනවා බන්දු සමරසිංහ කියලා. ඒකට දාන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව ෂෝෂල් මීඩියාවලට දෙන්නත් අදහසක්‌ තියෙනවා.

ඔබ සිනමාවට සම්බන්ධ වුණොත් දුෂ්ටයාද? පෙම්වතාද? හාස්‌යෝත්පාදක නළුවෙක්‌ද?

ඒක නම් කියන්න තේරෙන්නේ නෑ. කරලම තමයි බලන්න වෙන්නේ.

තාත්තාගේ සහායට පුතාට කතාකරන්නෙ නැතිද?

bandu2 තාත්ත දෙයක්‌ කළොත් අනිවාර්යයෙන්ම මම ඒකට මූලිකත්වය දෙනවා.

තාත්තා නිසා ලැබෙන ජනප්‍රියත්වය?

තාම නම් ගොඩක්‌ අය මාව දන්නෙ නෑ. මම කියන්නෙත් නෑ.

පුතයි තාත්තයි එකතුවෙලා කළ ප්‍රසංගය?

බන්දු සමරසිංහ ලයිව් 2016 ප්‍රසංගය කළා . ආයේ ඒ ප්‍රසංගය කැනඩාවේ කරන්න බලාපොරොත්තුවක්‌ තියෙනවා.

ඔබට රඟපෑම හදාරන්න කැමැත්තක්‌ නැද්ද?

මට රඟපෑම හදාරන්න නම් කැමැත්තක්‌ නෑ.

ඔබ මොනවගේ චරිතයක්‌ද?

 ප්‍රසිද්ධිය හොයාගෙන යන චරිතයක්‌ නම් නෙමෙයි. මම හරිම Silent. පොඩ්ඩක්‌ කම්මැලි චරිතයක්‌ වගේදෝ කියලත් හිතෙනවා.

පෙම්වතියක් එහෙම ඉන්නවද ? 

ඔව් ඉන්නවා




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu