gossiplanka alexa මත්පැන් සාදයක් අතරතුර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අයෙකු මරුට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මත්පැන් සාදයක් අතරතුර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අයෙකු මරුට

මත්පැන් සාදයක් අතරතුර ඇති වූ බහින්බස්වීමක් 
දුරදිග යාමෙන් අයෙකු මරුට 

කුලියාපිටිය කඹුරාපොළ ප්‍රදේශයේ මත්පැන් සාදයක් අතරතුර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මනුෂ්‍ය ඝාතනයක් සිදුව තිබෙනවා.

මියගොස් තිබුණේ කුලියාපිටිය කඹුරාපොල ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වූ 32 හැවිරිදි වීරප්පුලියලාගේ රෝහණ ප්‍රියදර්ශන නැමැති දෙරු පියෙක් වන අතර මියයනවිටත් මරණකරුගේ බිරිඳ තෙවැනි දරු ප්‍රසූතියට සූදානම්වන ගැබිණියක් බව වාර්තා වුණ අතර ඔහු මියගොස් තිබුනේ මුහුණේ දරුණු කැපුම් පාරවල් සහිතව බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

පොලිස් නිළධාරීන් දෙදෙනෙකු පෙරේදා (23දා) රාත්‍රියේ වැටලීමකට ගොස් එමින් සිටියදී ලේ වැගිරෙන කඩුවක් සහිතව ගමන්ගන්නා අයෙකු පිළිබඳව සැක සිතී ඔහු නවතා කළ ප්‍රශ්නකිරීම් හමුවේ අදාළ ඝාතනය පිළිබඳව දැනගන්නට ලැබී ඇත. පසුව ඒ පිළිබඳව පොලිස්ථානය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් කණ්ඩායමක් විසින ගොස් සැකපිට ලේ තැවරුන කඩුව අතැති එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂක කණ්ඩායම් හා ඇඟිලි සටහන් පරීක්‍ෂකවරුන් පරික්‍ෂණ කටුයුතු ආරම්භකොට තිබූ අතර සිද්ධියට අදාළ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය හා අනෙකුත් පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබුණි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ  කුලියාපිටිය පොලිසිය විසින් පවත්වනු ලබයි.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu