gossiplanka alexa පයිලට් කෙනෙක් වෙන්න ආස නිසා සිවිල් ගුවන් සේවා වෙබ් අඩවිය හැක් කර තමන්ගේ ෆොටෝ එකක් දාලා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පයිලට් කෙනෙක් වෙන්න ආස නිසා සිවිල් ගුවන් සේවා වෙබ් අඩවිය හැක් කර තමන්ගේ ෆොටෝ එකක් දාලා


  
පයිලට් කෙනෙක් වෙන්න ආස නිසා සිවිල් ගුවන් සේවා වෙබ් අඩවිය 
හැක් කර තමන්ගේ ෆොටෝ එකක් දාලා  

කුඩා කාලයේ සිට ගුවන් නියමුවකු වීමට තිබු ආසාවක් ඉටු කර ගැනීම සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරියේ වෙබ් අඩවියට ඇතුළු වී එහි තිබූ ගුවන් නියමුවකුගේ ඡායාරූපයට තම ඡායාරූපය ඇතුළු කර වංචනික ලෙස ගුවන් නියමු බලපත්‍රයක් සකස් කළ
සැකපිට අත්අඩංගුවට ගණු ලැබූ  අයෙකු කොටුව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරිර ඇප දෙකක් මත පසුගියදා මුදාහැර ඇත.

පසුගිය 16දා වෙබ් අඩවියක් හැක්කර එහි කරුණු විකෘති කිරීමේ අයථා හැසදිරීම සම්බන්ධයෙන් හෂාන් චතුරංග සිල්වා නමැති සැකකරු කොළඹ විශේෂ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට තිබුණා.

මොහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් උසාවියේදී කරුණු ඉදිරිපත් කර පෙන්වා දී තිබුණේ මෙම සැකකරුට පාසල් අවධියේ සිටම මිතුරන් විසින් ‘කැප්ටන්‘ යන නාමයෙන් ආමන්ත්‍රණය කර ඇති බවත්, එයට හේතුව ඔහුට ගුවන් නියමුවකු වීමට තිබූ ආසාව නිසා මෙය සිදු කර බවත්ය.

නීතීඥයින් තවදුරටත් කරුණු ඉදිරිපත් කරමින් පෙන්වා දී ඇත්තේ මෙම ආශාව හේතුවෙන් මොහු සිවිල් ගුවන් සේවා අධිකාරියේ වෙබ් අඩවියට ඇතුළු වී එහි ඇති ගුවන් නියමුවකුගේ ඡායාරූපයට ඔහුගේ ඡායාරූපය ඇතුළු කොට "ෆේස්බුක්” හරහා මිතුරන්ට යවා ඇති නමුත් වංචාවක් සිදුකරන අදහසින් එය කර නොමැති බවත්ය. පෙන්වා දුන් කරුණු අනුව පසුව සැකකරුට ඇප නියම විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu