gossiplanka alexa ජන ජිවීත උඩු ‍යටිකුරු වන ග්‍රහ මාරුවක් රවී මාරුව ඔබට බලපාන හැටි මෙන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජන ජිවීත උඩු ‍යටිකුරු වන ග්‍රහ මාරුවක් රවී මාරුව ඔබට බලපාන හැටි මෙන්න



ජන ජිවීත උඩු ‍යටිකුරු වන ග්‍රහ මාරුවක්
රවී මාරුව ඔබට බලපාන හැටි මෙන්න
(ලග්න පලාපල සහිතයි)

ජ්‍යොතිෂය ශාස්ත්‍රය යනු වර්තමාන සමාජයේ බොහො දෙනා උනන්දු මාතෘකාවක් නිසාම පසුගියදා සිදුවුන ඉතා වැදගත් ග්‍රහ මාරුවක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න සිතුවා. එනම් 2017 නොවැම්බර් 16 වැනි බ්‍රහස්‌පතින්දා දින දහවල් 12.22 ට ග්‍රහලොව රජු හෙවත් රවි ග්‍රහයා (සූර්යයා) තම මිත්‍ර රාශියක්‌ වන කුජ හිමි වෘශ්චික රාශියට පිවිසියා. මේ ග්‍රහ ලොව රාශි වළල්ලේ පියා හෙවත්,  ග්‍රහලොව පාලක ග්‍රහ තාරකාව වන රාජ්‍යකාරක රවි ග්‍රහ මාරුව 2017 වසර අවසන් වීමට පෙර සිදුවන ඉතාමත් ප්‍රබල ග්‍රහ මාරුවකි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සම්පත් කල්පගේ පවසන්නේ මෙම ග්‍රහ මාරූව ලග්න හිමියන්ට ප්‍රබල ලෙස බලපාන ඇති බවටයි. කෙසේ වෙතත් ජ්‍යොතිෂවේදී සම්පත් කල්පගේ විසින් රවී මාරුව ලග්න වලට බලපාන අන්දම ඇතුලත් කර සකස් කළ ලග්න පලාපල සටහන පහතින් දැක්වෙනවා..

මේෂ
අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබ වන අතර රැකියා සම්බන්ධ කටයුතු වල දැඩි අර්බුදකාරී තත්ත්ව ඇති වනු ඇත. පපුවේ සෙම් අමාරු හා ලේ සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. රෝහල් ගත වීමේ අවදානමකුත් තියනවා. එසේම සෙම් රෝග බහුල වන අතර යුග දිවි සමගියට බාධා ඇති වනු ඇත.

වෘෂභ
මෙම කාලයේ නෑයෙක්‌ හෝ හිතවතුන් සමඟ අමනාප වීමට ඉඩ ඇති අතර බලාපොරොත්තු වූ ණයක්‌ ලැබෙයි. කාර්යබහුල කාලයකි. සහෝදරයන්ට අසුභ වෙයි. කෙටි ගමන් බිමන් නම් අධික වෙන අතර විමසිලිමත් වීම වැදගත්. අනතුරුවලට ලක්‌විය හැකිය.

මිථුන
ඔබට මෙම කාලය තුළ බලවත් තනතුරු ලැබෙන අතර ප්‍රධානීන්ගේ සිත දිනා ගැනීමට අවස්‌ථා උදා වනු ඇති. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබ වෙනවා. විදේශ ගමන්වලට එක්‌විය හැකිය. පවුල් ජීවිතය තුළ පැවති ගැටුම් සමනය වන අතර තම සහකාරියගෙන් හෝ සහකරුගෙන් ධනය ලැබීමටද හැකිය. පැවති රෝග සුව වන අතර සෞඛ්‍ය තත්ත්වය යහපත්ය.

කටක
ඔබගේ පවුලේ හෝ හිතවතෙකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට බොහෝ කාලය, ශ්‍රමය, ධනය ඒ වෙනුවෙන් ගත කිරීමට සිදුවනු ඇත. පසුගිය දිනවල පැවති බාධා යම් පමණක ඉවත් වෙයි. තනතුරු ලාභ ලැබෙයි. ඉගෙනීමේ කටයුතු සාර්ථක වන අතර අධ්‍යාපන හා උසස්‌ අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලුතින් අරඹන කටයුතුද මේ කාලයේ සාර්ථක වේ. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය යම් පමණකට පිරිහීමට හැකියාව පවතින අතර සිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ.

සිංහ
විවාහ ජීවිතයේ කරදර හා බාධා මෙම කාලසීමාව තුළ යම් පමණකට උදාවනු ඇත. හදිසි ගමන් බිමන් යැමට නිතර අවස්‌ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන්ද යෙදීමට ඉඩ තිබේ. ශරීර සැප නොලැබීම හා ඔබ කාර්යබහුල වීමට ඉඩ ඇත. සහෝදරයෙකුට යම් අපලතාවක්‌ පෙනෙන අතර ආදායම් තත්ත්ව පහත වැටීම හා ගේදොර කටයුතුවලට බාධා ඇතිවීමට ඉඩ ඇත.

කන්‍යා 
කාලයක්‌ පැවති රෝගාබාධවලින් සුවය ලැබෙන කාලයකි. මෙතෙක්‌ කාලයක්‌ අඩාලව පැවති යම් යම් කාරණා ඉටුවන කාලයකි. ඉහළ රැකියා හා රැකියා උසස්‌ වීම් මෙන්ම නව රැකියා අවස්‌ථා උදාවනු ඇති. විවාහ බාධා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයකුට අපලතාවක්‌ පෙනේ. ලැබීම් අඩාල වන කාලයකි. දේශපාලනයේ නිරත වන අයට නම් සුබදායක වනු ඇත.

තුලා
සතුරු කරදරයකින් ජයගත හැකිය. බලාපොරොත්තු වූ ණය මුදලක්‌ ලැබීමට හැකිය. මුත්‍රා අමාරු හෝ සෙම් රෝග ඇතිවීමට ඉඩ ඇති අතර ඔබට මෙම කාලය මිශ්‍රඵලදායක වේ. අසනීපවලින් යම් සුවයක්‌ අත්වේ. ගෘහ ජීවිතය තුළ වැය පක්‌ෂය ඉහළ යනු ඇත. එදිනෙදා කටයුතුවලද යම් ආවේගශීලි තත්ත්වයක්‌ දක්‌නට ලැබේ.

වෘශ්චික
උසස්‌ කෙනෙකු හෝ අසල්වාසීන් සමඟ අමනාප වීමට ඉඩ ඇත. දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර රැකියාවේ ඉදිරි ගමනට යම් යම් බාධා ඇතිවිය හැකිය. සමාජයේ පිළිගැනීම ඇතිවන අතර ඔබට අසල්වැසියන්ගෙන් නම් පොඩි පොඩි බාධකද ඇතිවිය හැකිය.

ධනු
ඇස්‌ රෝග හා මුත්‍රා අමාරු ඇතිවිය හැකි අතර මේ කාලය තුලදී තම ශරීර සෞඛ්‍ය ගැන විමසිලිමත් වීම වැදගත්. විශේෂයෙන් අහුවෙන්නේ නැති ලෙඩ හැදෙන්න පුඵවන්. ඒ නිසා සුබ වගේම අසුබ ඵලත් ලැබෙනවා. මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. නමුත් ආදායම් තත්ත්වය යම් ප්‍රමාණයකට වර්ධනය වේවි. සමාජ සේවා පොදු කටයුතු වලින් ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. පරම්පරා ගත දේපළ වාසි හිමිවේ.

මකර
සේවක ගැටලු හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටලු පැන නැඟීමට හැකිය. වා, පිත් සම්බන්ධ රෝගාබාධ හටගැනීමට අවස්‌ථා ඇත. ස්‌වයං රැකියාවල නිරත වන්නන්ට සුබදායකය. පැවති රෝග වලින් සුවය ලැබේ. ශරීරය පැහැපත් වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායකය. රැකියාවේ උසස්‌ වීම් වගේම වෙනස්‌වීම්ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදු විය හැකි නමුත් ලොතරැයි ජයග්‍රහණ හිමිවන කාලයකි.

කුම්භ
ඔබගේ ජනප්‍රියතාව ඉහළ යන කාලයකි. රැකියාවේ උසස්‌වීම් බලාපොරොත්තු විය හැකිය. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ. පැවති නඩු හබවලින් පහසුවෙන් ජයගැනීමට හැකිවනු ඇත.

මීන
මහන්සියේ තරමට ප්‍රතිඵල ලබාගත හැකිය. ඥාතීන් සමඟ හිතවත්කම් ඉහළ යැමට හේතු වනු ඇත. පිරිමි දරු ලාභ ඇතිවන අතර යම් යම් අංශවලින් සුබයි. ඔබගේ අධ්‍යාපනයට ඉතාම හොඳයි. ඒ වගේම රැකියා ස්‌ථානයෙන් උසස්‌ වීමක්‌ද හිමි වීමට ඉඩ තියනවා. ආගමට දහමට නැඹුරු වන කාලයකි. ශරීර සෞඛ්‍ය යහපත් වන අතර ඔබට සමාජයේ ගෞරවය හිමි වනු ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu