gossiplanka alexa ගෝල්ෆේස් පිටියේ පැවති මැයිදින රැලියට සහභාගි වූ දෙදෙනකු තෙරපීමෙන් මියයයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෝල්ෆේස් පිටියේ පැවති මැයිදින රැලියට සහභාගි වූ දෙදෙනකු තෙරපීමෙන් මියයයි





ගෝල්ෆේස් පිටියේ පැවති මැයිදින රැලියට
සහභාගි වූ දෙදෙනකු තෙරපීමෙන් මියයයි

ඒකාබද්ධ විපක්ෂය මගින් ගෝල්ෆේස් පිටියේ පැවැත්වූ මැයිදින රැලියට සහභාගි වූ පාක්ෂිකයන් දෙදෙනකු තෙරපීමෙන් ඇතිවූ අධික තෙහෙට්ටුව මත මරණයට පත්වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පැවසීය. මෙසේ මරණයට පත්වී ඇත්තේ මහනුවර ගුන්නෑපාන, අමුණුගම, ඉඹුල්තොට අංක 1/52 ලිපිනයේ පදිංචි වික්ටර් සිල්වා නමැති පුද්ගලයකු සහ
රත්නපුර ඇල්ලදෙණිය පාර, නො. 70 ලිපිනයේ පදිංචි ඩබ්ලිව්. චන්ද්‍රානි නම් 62 හැවිරිදි කාන්තාවකි. මෙම පුද්ගලයන් දෙදෙනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල මහතා හා ප්‍රේමාලල් ජයසේකර මහතා සමග පැමිණි ආධාරකරුවන් දෙදෙනකු බවද වාර්තා වේ. මියගිය පුද්ගලයන්ගේ මළසිරුරු ජාතික රෝහ‍ලේ තැන්පත් කර තිබූ අතර ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පස්වරුවේ සිදුවිණි.

මේ අතර මහනුවර නගරයේ පැවැත්වුණු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මැයි දින රැලියට සහභාගී වීම සඳහා මාතර සිට මහනුවර දක්‌වා ගමන් කළ එම පක්‍ෂයේ ආධාරකරුවකු ඊයේ (01 දා) උදෑසන වරකාපොළ අඹේපුස්‌ස නගරයේදී බස්‌රථයකින් ඇද වැටී එම බස්‌රථයටම යටවීමෙන් බරපතළ තුවාල ලබා කෑගලු රෝහලට ඇතුළත් කර ඇති බව වරකාපොළ පොලිසිය පවසයි.

දකුණු පළාත් සභා අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර මහතාගේ ආධාරකරුවකු වන කඹුරුපිටියේ පදිංචි ජී. පී. ප්‍රේමතුංග නමැති 55 හැවිරිදි අයකු මෙලෙස අනතුරට ලක්‌ව ඇති අතර අනතුරින් ඔහුගේ වම් අතට බරපතළ හානි සිදුව ඇත. මොවුන් ගමන් කළ බස්‌රථය වරකාපොළ නගරයේදී කාර්මික දෝෂයකට ලක්‌වීම නිසා ඔහු තවත් පුද්ගලයන් තිදෙනකු සමඟ වෙනත් බස්‌ රථයකට ගොඩවීමට උත්සාහ කිරීමේදී පාපුවරුවෙන් ඇද වැටී එම බස්‌ රථයටම යට වී මෙසේ අනතුරට ලක්‌ව ඇත.

මෙම අනතුරින් පසුව පෞද්ගලික බස්‌රථය පැද වූ රියෑදුරු ප්‍රදේශයෙන් පලාගොස්‌ ඇත. පෞද්ගලික බස්‌රථය වරකාපොල පොලිසිය භාරයේ ඇති අතර රියෑදුරා අත්අඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු සිදු කෙරේ. ඒ පිළිබඳව වරකාපොළ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu