gossiplanka alexa සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ට උසාවියෙන් වරෙන්තු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ට උසාවියෙන් වරෙන්තු


සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ට උසාවියෙන් වරෙන්තු 
මාස්පතා 40,000ක මුදලක් ගෙවයි

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් අත්අඩංගුවට ගන්නා ලෙසින් පසුගියදා අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

ඩිල්ෂාන්ට මෙසේ වරෙන්තු නිකුත් කර ඇත්තේ දික්කසාදයෙන් පසු ඔහුගේ  මුල් විවාහයේ 14 හැවිරිදි පුතු වෙනුවෙන් උසාවිය නියෝග කළ
ගාස්තු ගෙවීම පැහැරහැරීම බවයි.

කොළඹ ප්‍රසිද්ධ පාසැලක ඉගෙනුම ලබන ඩිල්ෂාන්ගේ පළමු විවාහයේ දරුවා වෙනුවෙන් උසාවි තීන්දුව මත මාස්පතා ඩිල්ෂාන් විසින් රුපියල් 40,000ක මුදලක් ගෙවන අතර පසුගිය මාස කිහිපයේම එය පැහැර හැරීම හේතුවෙන් ඔහුගේ පළමු විවාහයේ බිරිඳ වන නිලංකා විතානගේ විසින් ඒ පිළිබඳව පැමිණිලි කර ඇත. ඩිල්ෂාන් නඩත්තු නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් මෙසේ වරෙන්තු නිකුත් කරන්නට උසාවිය විසින් කටයුතු කර ඇත. තමන්ගේ නීතීඥයා විසින් නඩු දිනය වැරදි ලෙස සටහන් කරගෙන තිබීම හේතුවෙන් මෙය මඟ හැරුණු බව එහිදී ඩිල්ෂාන් පවසා ඇත.

පසුව ඩිල්ෂාන් විසින් ඊයේ (25) මෝසමක් ගොනු කරමින් නීතීඥයෙකු හරහා අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව නිකුත් කළ වරෙන්තුව අත්හිටුවා තිබේ.නඩුව යළි මැයි 31 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu