gossiplanka alexa ජේතවන දාගැබ් වහන්සේට අවමන් කර ඇති පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජේතවන දාගැබ් වහන්සේට අවමන් කර ඇති පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලයි



ජේතවන දාගැබ් වහන්සේට අවමන් කර ඇති පුද්ගලයන්ට
නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලයි
සමනලී ෆොන්සේකාත් මෙම ඡායාරූපය
ප්‍රචාරණයට අනුග්‍රහය දක්වා ඇත

මහසෙන් රජතුමා (ක්‍රි.ව.276 – 303) විසින් එවක නිර්මාණය කරන ලද බෞද්ධයන්ගේ ඓතිහාසික පූජනීය වස්තුවක් වන අනුරාධපුර ජේතවන දාගැබ් වහන්සේ විකෘති කර, ඒ තුළට කුණු පුරවා ඇති ඡායාරූපයක් ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ පළකර තිබෙන බවත්, ජේතවන දාගැබ් වහන්සේට
අවමන් කර ඇති  මෙම පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා ජාතික හෙළ උරුමය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ඊයේ (25දා) පැමිණිලි කර තිබේ.
මෙය බෞද්ධයන්ගේ සිත් වේදනාවට පත් කරන, බුදු සසුනට නිගාදෙන, සමස්ත ලෝක බෞද්ධ ජනතාවට අපහාස කරන ලද ඡායාරූපයක් බවද එම පක්ෂය පොලිස්පතිවරයාට පෙන්වා දෙයි.ජාතික හෙළ උරුමයේ සම සභාපති දර්ශනපති හැඩිගල්ලේ විමලසාර හිමියන් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරමින් පොලිස්පතිවරයාට දැඩිව අවධාරණය කරනුයේ සිත් රිදීමට ලක් වූ බෞද්ධයන් නීතියට පිටතින් ගොස් අදාළ චූදිතයන් සොයා ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වීම වැළැක්විය හැක්කේ පොලීසීය මේ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමෙන් පමණක්  බවයි.

එම පැමිණිල්ල මගින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරනුයේ මුවිඳු බිනෝයි නම් අයෙකු සහ නිළියක වන සමනලී ෆොන්සේකා මෙම ඡායාරූපය අන්තර්ජාලයේ (මුහුණු පොතේ) දැක්වෙන පරිදි  ප්‍රචාරණයට අනුග්‍රහය දක්වා ඇති බවයි.

පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.

පොලිස්පතිතුමා,
ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය,
කොළඹ 01.
පොලිස්පතිතුමනි,

ඵෙතිහාසික ජේතවන දාගැබ් වහන්සේට කළ අවමානයට
එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම.

අන්තර්ජාලයෙහි සමාජ වෙබ් අඩවියේ ගිණුමක බෞද්ධයන්ගේ ඓතිහාසික පූජනීය වස්තුවක් වන මහසෙන් රජතුමා (ක්‍රි.ව.276–303) විසින් නිර්මාණය කරන ලද අනුරාධපුර ජේතවන දාගැබ් වහන්සේ විකෘති කර ඒ තුළට කුණු පුරවා ඇති ඡායාරූපයක් පළකර ඇත. මෙය බෞද්ධයන්ගේ සිත් වේදනාවට පත් කරන බුදු සසුනට නිගා දෙන ඡායාරූපයක් බව අවිවාදිතය. එසේම මෙය සමස්ත ලෝක බෞද්ධ ජනතාවට කරන ලද අපහාසයක් ලෙස අපි සළකමු.

මෙම ඡායාරූපය අන්තර්ජාලයේ (මුහුණු පොතේ) දැක්වෙන පරිදි මුවිදු බිනෝයි නම් අයෙකුගේ ය. එසේම ප්‍රකට නිළියක වන සමනලී ෆොන්සේකා ද මෙම ඡායාරූපය ප්‍රචාරණයට අනුග්‍රහය දක්වා ඇත. (Share කර ඇත.) වසර දහස් ගණනක් මුලුල්ලේ බෞද්ධයන්ගේ වන්දනාවට හා නොමද ගෞරවයට ලක්ව ඇති බෞද්ධ පූජනීය වස්තුවක් වන ජේතවන දාගැබ් වහන්සේට කරන ලද මෙම අපහාසයට එරෙහිව ඊට වගකිව යුතු චූදිතයන් සොයා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

සිත් රිදීමට ලක් වූ බෞද්ධයන් නීතියට පිටතින් ගොස් අදාළ චූදිතයන් සොයා ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වීම වැළැක්විය හැක්කේ පොලීසීය මේ සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමෙන් පමණක් බවද අවධාරණය කිරීමට කැමැත්තෙමි.

මෙම තොරතුරට අදාළ මුහුණු පොතෙහි සම්බන්ධතාවය
සමනලී ෆොන්සේකාගේ ෆෙස්බුක් ගිණුම සම්බන්ධතාවය

තෙරුවන් සරණයි!
මෙයට
දර්ශනපති හැඩිගල්ලේ විමලසාර හිමි
සම සභාපති
පිටපත් – අතිගරු ජනාධිපතිතුමා/ගරු අග්‍රාමාත්‍යතුමා/බුද්ධශාසන අමාත්‍යතුමා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu