gossiplanka alexa කොරියාවේ රැකියාවට ගිය 26 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයා අතුරුදහන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරියාවේ රැකියාවට ගිය 26 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයා අතුරුදහන්


කොරියාවේ රැකියාවට ගිය 26 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයා අතුරුදහන්
අප්‍රේල් 16 සිට අතුරුදහන්

කොරියාවේ රැකියාවට ගොස්‌ සිටියදී විසිහය හැවිරිදි තරුණයකු අතුරුදන් වී ඇති අතර එම තරුණයා සොයාදෙන ලෙස ඔහුගේ ඥතීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. මෙසේ අතුරුදහන්වී ඇත්තේ ශෂෙන් තාරක ජයසේකර නැමති බද්දේගම නගරයේ පදිංචිකරුවෙක් වන අතර මෙම තරුණයා අප්‍රේල් මස 16 වැනි දින සිට අතුරුදන්වී ඇති බව ඥතීහු පවසයි. ඔහු මීට වසර තුනකට
පමණ ඉහතදී කොරියාවේ රැකියාවට ගොස්‌ තිබේ. කොරියාවට යාම සඳහා පැවැති තරග විභාගයෙන් ඔහු පළමු තැනට සමත්වී ඇති අතර එහි රැකියාවට ගිය පසු තම මවත් සමඟ සෑම දිනකම පාහේ කතා කර ඇත. එහෙත් අප්‍රේල් මස 16 වැනිදායින් පසු මවත් සමඟ කථා බස්‌ කොට නැත.

මා මළ දවසට දුක්‌වෙන්න කවුරුත් නැහැ. හඬන්න කවුරුත් නැහැ යනුවෙන් ශෂෙන් තාරකගේ මුහුණු පොතේ සටහන් කොට තිබේ. එහෙත් ශෂෙන්ගේ මාමා වන ජයන්ත ඉලේපෙරුම මහතා පවසන්නේ ශෂෙන්ගේ මුහුණු පොතට කිසියම් අයකු ඇතුළුවී එය විකෘතිකොට ඇති බවයි. සැලසුම් සහගත ලෙස මෙය සිදුකොට ඇති බවද ඔහු පවසයි.

කොරියාවේ තෙගු නගරයේ සිට මඳක්‌ දුරින් පිහිටි ජන ශූන්‍ය ලඳු කැලෑබද කඳු වැටියක්‌ අසලදී හමුවී ඇති ශෂෙන්ගේ සපත්තු ජෝඩුව හා මුදල් පසුම්බිය ගැනද මාමා සැක පහළ කරයි. ශෂෙන්ට කඳු වැටියෙන් පහළට පැනීමට කිසිදු වුවමනාවක්‌ නැති බව පවසන ජයන්ත ඉලේපෙරුම මහතා ඔහු සිරකරගෙන සිටින බවට සැකකරයි.

ශෂෙන්ගේ අතුරුදන්වීම ගැන ඔහුගේ මාමා වන ජයන්ත ඉලේපෙරුම මහතා මෙසේ කීවේය.

මගේ නංගිගේ පුතා මීට වසර තුනකට පමණ ඉහතදී කොරියාවේ රැකියාවකට ගියා. තෙගු නගරයේ පිහිටි සමාගමක තමයි රැකියාව කළේ. මේ පුතාගේ මවත් සයිප්‍රස්‌ රටේ රැකියාවක්‌ කරනවා. මවත් සමඟ පුතා නිතරම කතාකරනවා. අප්‍රේල් 16 වැනි දින තෙගු නගරයේ විහාරස්‌ථානයක්‌ අසල අවුරුද්ද නිමිත්තෙන් පැවැති සංගීත ප්‍රසංගයකට පුතා සහභාගිවෙලා තියෙනවා. නමුත් පුතා ඊට පසු මවට කථා කරලා නෑ. මව අපට කීවා පුතා ගැන තොරතුරක්‌ නැහැ හොයන්න කියලා. විදේශ කටයුතු අමාත්‍යාංශයට හා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයට මේ ගැන පැමිණිලි කළා. නමුත් අදවන තුරු පුතා ගැන කිසිදු තොරතුරක්‌ නැහැ. මේ ගැන විවිධ තොරතුරු කොරියාවෙන් ගලාගෙන එනවා. නමුත් ඒවා ඇත්තද නැද්ද කියලා අපි දන්නේ නැහැ.

පුතාගේ මුහුණු පොතේද පුතා අතුරුදන්වීමට පෙර නොයෙකුත් දේවල් පළවෙලා තියෙනවා. පුතාගේ ජංගම දුරකථනය එරට ප්‍රාන්ත පොලිසියක තියෙන බවත් කියනවා. සපත්තු ජෝඩුව හා පර්ස්‌ එක ගැනත් කියනවා. මට හිතෙන විදියට පුතා කිසියම් පිරිසක්‌ විසින් හිරකරගෙන ඉන්නවා. මේ දරුවාගේ මුහුණු පොතට කිසියම් අයකු ඇතුළත් වෙලා යම් යම් දේවල් දමලා කියලත් අපට හිතෙනවා. පුතාගේ මුහුණු පොතේ මරණයේ අනියත ගැන දමලා තිබුණා. පුතා එහෙම දරුවෙක්‌ නෙමෙයි. මේ ගැන විදේශ රැකියා අමාත්‍යාංශයේ අවධානය තවමත් හරිහැටි යොමුවෙලා නැහැ. කොරියාවේ දී අතුරුදන්වී ඇති මේ දරුවා සොයාදීමට උදව් කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu