gossiplanka alexa කොළඹ කුණු කිරිඳිවැලට එපා කීවන්ට පොලීසියෙන් කඳුළු ගෑස්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොළඹ කුණු කිරිඳිවැලට එපා කීවන්ට පොලීසියෙන් කඳුළු ගෑස්


කොළඹ කුණු කිරිඳිවැලට එපා කීවන්ට පොලීසියෙන් කඳුළු ගෑස්
ප්‍රදේශවාසීන් මාර්ගයේ වාඩිවී උද්ඝෝෂණයක
(Photos)

මීතොටමුල්ල කුණු කන්ද නායයෑමෙන් අනතුරුව කොළඹ එක් රැස්වන කසළ කිරිඳිවැල ප්‍රදේශයට බැහැර කිරීමට විරුද්ධව ඊයේ (20) සවස කිරිඳිවැල හංවැල්ල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක නිරතව සිටියේය.

කොළඹ නගරයේ කසළ ලොරි 10ක් කිරිඳිවැල මාළිගාවත්ත කසළ කළමනාකරණ මධ්‍යස්ථානයට
රැගෙන ඒමත් සමගින් ප්‍රදේශවාසීන් පාර අවහිර කරමින් මාර්ගයේ වාඩිවී උද්ඝෝෂණයක නිරත වූයේය.

ප්‍රදේශවාසීන් මෙසේ දිගින් දිගටම උද්ඝෝෂණයේ නිරතව සිටි අතර ඒ නිසාවෙන් කොළඹ කුණු රැගෙන ආ ලොරි රථ හතක්‌ පමණ කසළ කළමනාකරණ මධ්‍යස්‌ථානයට කුණු බැහැර කළ නොහැකිව මාර්ගය අසල නතර කර තිබුණි.

කෙසේ හෝ අවසානයේ ප්‍රදේශවාසීන් සිදුකල විරෝධතාවයට පොලීසිය ජල හා කඳුළු ගෑස්‌ ප්‍රහාර එල්ල කර  ඔවුන් විසුරුවා හැරීමට කටයුතු කළේය.

මෙම කසළ ලොරි 10 රැගෙන ඒම සම්බන්ධව ඊයේ උදෑසන අදාළ බලධාරීන් සාකච්ඡාවක් පැවැත්වු අතර හා එහිදී අප්‍රේල් 28 දින දක්වා කොළඹ කසළ ටොන් 80ක් බැගින් මෙම මධ්‍යස්ථානයට රැගෙන ඒමට තීරණය කර ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා දන්වා සිටියේය.







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu