gossiplanka alexa කුණු කන්දෙන් විපතට පත් පවුල් 98 කට නිවාස

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කුණු කන්දෙන් විපතට පත් පවුල් 98 කට නිවාස


කුණු කන්දෙන් විපතට පත් පවුල් 98 කට නිවාස
අනවසර පදිංචි කිරීම් තහනම් කිරීමට උපදෙස්‌

මීතොටමුල්ල කසළ කන්ද නාය යෑමෙන් විපතට පත් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා පවුල් 98 කට නිවාස ලබා දීමේ වැඩපිළිවෙළ අද (20දා) සිට ආරම්භ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිලධාරීන්ට උපදෙස්‌ ලබාදී ඇත.

ඊයේ (19) පැවැති ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේදී විපතට පත් ජනතාවට
සහන සැලසීම පිළිබඳව කල සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස්‌ ලබාදී ඇත අතර මීතොටමුල්ල ප්‍රදේශයේ අවදානම් කලාපයේ සිටින පිරිස ඉවත් කිරීමට මූලිකත්වය ලබා දෙන ලෙසත් එම පිරිසට අවශ්‍ය යටිතල පහසුකම් සැලසීමේ කටයුතු විධිමත්ව සිදු කරන ලෙසත් ජනාධිපතිවරයා එහිදී නියෝග ලබා දී ඇත.

එමෙන්ම ජනාධිපතිවරයා, විපතට පත් ජනතාවට වන්දි ලබාදීමේ කටයුතු ගැන දැඩි අවධානය යොමු කරන ලෙසත් යුද හමුදාවේ පූර්ණ මෙහෙයවීමෙන් ඉදිරි මාස කිහිපය තුළ ප්‍රදේශයේ කුණු ඉවත් කිරීමේ කටයුතු සිදු කරන ලෙසත් අනවසර පදිංචි කිරීම් තහනම් කරන ලෙසත් නිලධාරීන්හට උපදෙස්‌ ලබා දී ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu