gossiplanka alexa දක්ෂිණ අධිවේගයේ බස් වල බලපත්‍ර අහෝසි කර නැවත ටෙන්ඩර් කැඳවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දක්ෂිණ අධිවේගයේ බස් වල බලපත්‍ර අහෝසි කර නැවත ටෙන්ඩර් කැඳවයි




දක්ෂිණ අධිවේගි මාර්ගයේ දැනට ධාවනය වන බස් රථවල සියලූ බලපත‍්‍ර අවලංගු කර යළි ටෙන්ඩර් කැඳවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඊයේ (26)
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙම බලපත‍්‍ර පිළිබඳව වන නිර්ණායක පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති නියෝග හා නීතිපතිවරයාගේ උපදෙස් අනුව මෙම තීරණය රජය විසින් ගෙන ඇති බවද මෙහිදී සඳහන් විය.

මේ අනුව දැනට පවතින සියලූ බලපත‍්‍ර අහෝසි වන අතර වන ටෙන්ඩර් කැඳවීමේදි ගාලූ මාර්ගයේ බස් රථ ධාවනය කරන බලපත‍්‍රලාභින්ට ප‍්‍රමුඛතාව ලබා දීමට නියමිත බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. මේ අනුව සියලූ දෙනාට මේ සඳහා යළි අයැදුම් කිරීමට සිදුවේ. මෙහිදී දැනට නිසි අනුමැතියෙන් තොරව ලබා දී ඇති බලපත‍්‍ර සියල්ල අහෝසි වන බවද අමාත්‍යවරයා පැවසීය. ටෙන්ඩර් කැඳවීම හරහා බලපත‍්‍ර ලබාදුන් බස් රථ 56ක් හා තාවකාලික බලපත් මත බස් රථ 67ක් දැනට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වේ.

නයනකේෂි විජේකොන්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu