gossiplanka alexa යතුරුපැදිකරුට පහරදුන් පොලිස් නිළධාරීන් දෙදෙනාගේ වැඩ තහනම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

යතුරුපැදිකරුට පහරදුන් පොලිස් නිළධාරීන් දෙදෙනාගේ වැඩ තහනම්





පෙරේදා (01) දොඩංගොඩ ප්‍රදේශයේදී යතුරුපැදිකරුවකුට බිම පෙරළාගෙන පහරදෙන ලද දොඩංගොඩ ‍පොලිසියේ රථ වාහන අංශයට අනුයුක්තව සේවය කරන ‍පොලිස් සැරයන්වරයකුගේ සහ කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර තිබෙනවා. ‍පොලිස් නිලධාරීන් මෙම යතුරුපැදිය නවතන ලෙස

යතුරුපැදිකරුට දන්වා ඇතත් එය නොනවත්වා ධාවනය කිරීම නිසා එම යතුරුපැදිය හඹාගිය ‍පොලිස් නිලධාරීන් දෙදෙනා යතුරුපැදිකරුව බිම පෙරළාගෙන පහරදී ඇත. එම අවස්ථාවේදී යතුරුපැදිකරු ගහන්න එපා සර් යැයි ‍පොලිස් නිලධාරීන් දෙදෙනාට පැවසුවාද ඔවුන් දෙදෙනා අනුකම්පා විරහිතව පහරදී ඇත. කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් පසු පහරකෑමට ලක්වූ යතුරුපැදිකරු කළුතර, නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

දොඩංගොඩ ‍පොලිසිය සඳහන් කළේ මෙම යතුරුපැදිකරු සතුව රියැදුරු බලපත්‍රයක් නොතිබූ බවයි. මෙම පහරදීමේ සිද්ධියෙන් පසු මේ සම්බන්ධව බස්නාහිර පළාතභාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාගේ උපදෙස් මත කළුතර දිසාව භාර සහකාර ‍පොලිස් අධිකාරි (1) විසින් කරන ලද පරීක්ෂණයකින් අනතුරුව යතුරුපැදිකරුට පහර දුන් දොඩන්ගොඩ ‍පොලිසියේ සැරයන් චන්ද්‍රජිත් කපිලසිරි හා ‍පොලිස් කොස්තාපල් නිශ්ශංක අරුණසිරි යන දෙදෙනාගේ ඊයේ (02දා) සිට වැඩ තහනම් කර ඇත.

මෙම පහරදීම සම්බන්ධව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් ‍පොලිස්පතිවරයාට ඊයේ (02) ලිපියක් යවා ඇත. එම සංගමයේ ‍ලේකම් චින්තක අමරසිංහ මහතාගේ අත්සනින් එම ලිපිය යවා ඇති අතර එම නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ‍පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.

සාලිය කුමාර ගුණසේකර / වින්ද්‍යා කල්හාරි – කළුතර
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu