gossiplanka alexa ගණිතය අසමත් දුක යකඩ යකාට කියන්න ගිය චමෝද්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගණිතය අසමත් දුක යකඩ යකාට කියන්න ගිය චමෝද්



ගණිතය අසමත් දුක යකඩ යකාට කියන්න ගිය චමෝද් 
සිසුවා වැටී සිටි ස්ථානයේ දුම්රියක් නතර කර තිබී නැත

අ.පො.ස සමාන්‍ය පෙළ විභාගයේ ගණිතය විෂය අසමත් වූයේ යැයි කලකිරීමට පත්ව සිටි සිසුවෙකු ජා ඇල කණුවන දුම්රිය මංසන්ධිය ආසන්නයේ දුම්රිය මාර්ගයේ ඊයේ (29) උදෑසන තුවාල සහිතව වැටී මියගොස් තිබෙනවා.

එසේ මිය ගොස් ඇත්තේ චමෝද් ලලන්ත උදය ගුණවර්ධන නමැති සිසුවෙකි. මියගොස් සිටි ශිෂ්‍යයාගේ දේහය අසල තිබී මුදල් සහිත පසුම්බියක්
, ජාතික හැදුනුම් පතක්, ජංගම දුරකථනයක් පොලිසියට හමු වූ අතර එම ජංගම දුරකථනය ඔස්සේ ඔහුගේ මිතුරෙකු පොලිසිය මගින් සම්බන්ධ කරගෙන ඇත.

එම අවස්ථාවේ මිතුරා පවසා ඇත්තේ අවස්ථා දෙකක දී අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ දී ගණිතය විෂය අසමත් වීම හේතුවෙන් ඔහු කලකිරීමට පත්ව සිටි බවයි.

අළුයම 03.00 ට පමණ මියගොස් සිටි සිසුවා ජංගම දුරකථනයකින් තවත් අයෙකුට කතා කරමින් සිටින අයුරු දුටු බව අනතුර සිදු වූ ස්ථානය ආසන්නයේ පදිංචිකාරියක් පවසයි. දුරකථනයෙන් තවත් පුද්ගලයෙකුට එම ස්ථානයට පැමිණෙන ලෙස කතාකරන අයුරුද ඇයට ඇසී තිබේ.

දුම්රිය අනතුරකදී අනතුර දකින දුම්රිය රියදුරා දුම්රිය නැවැත්වීම සාමාන්‍ය සම්ප්‍රදාය වුවත් සිසුවා වැටී සිටි ස්ථානයේ දුම්රියක් නතර කර තිබී නැත.

සිද්ධිය සම්බන්ධයෙන් ජා ඇල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu