Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

වත්මන් ආණ්‌ඩුව පවතින තෙක්‌ මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කිරීමට ඉඩ නොදෙන බව ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

පසුගිය 25 දින මහනුවර ප්‍රදේශයේදී පැවැති උත්සවයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙම මාර්ගය වසා තැබීම  මහනුවර නගරයේ පවතින දැඩි රථ වාහන තදබදයට හේතුව බව බොහෝ පිරිසගේ චෝදනාව වේ.

මේ වනවිට රථ වාහන තදබදය අවම කිරීමට උමං මාර්ගයක්‌ ඉදිකිරීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් කියා සිටියේය.

Gossip Lanka Side News