gossiplanka alexa අද (21) රාත්‍රි​යේ සිට දිවයිනටම සංචරණ සීමා ක්‍රියාත්මක වන ආකාරය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අද (21) රාත්‍රි​යේ සිට දිවයිනටම සංචරණ සීමා ක්‍රියාත්මක වන ආකාරය

how-the-travel-restrictions-island-wide-from-tonight
ද (21) රාත්‍රී 11 සිට 25 වනදා උදෑසන 4 වනතුරු මුළු දිවයිනටම සංචරණ සීමා පැනවීමට නියමිතයි. 

මෙහිදී රාජකාරි කිරීමට පොලිස් නිලධාරීන් 22,000ක් යොදවා ඇති බවත් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් අද (21) පැවති මාධ්‍ය හමුවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසුවේය.

එමෙන්ම අදාළ කාලසීමාව තුලදී ඔසුසැල් විවෘතව තැබීමට අවසර හිමිවන බවත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හෝ පිසින ලද ආහාර ද්‍රව්‍ය වෙළඳාමේ නිරතවීම ජංගම රථ ඔස්සේ සිදුකල හැකි බව ඒ මහතා මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න හමුවේ පිළිතුරු දෙමින් සඳහන් කළේය.

අද රාත්‍රියේ සිට මැයි 28 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා බලපැවැත්වෙන්නේ පහත ආකාරයෙනි.


අද (21) රාත්‍රී 11 සිට සංචරණ සීමා ක්‍රියාත්මකයි.

හෙට (22) සිට සඳුදා (24) දක්වා මුළු දිනය පුරා සංචරණ සීමා ක්‍රියාත්මකයි.


අඟහරුවාදා (25):

- අලුයම 4 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මකයි.

- අලුයම 4 සිට රාත්‍රී 11 තෙක් සංචරණ සීමා නොමැත.

- රාත්‍රී 11 සිට නැවතත් සංචරණ සීමා ක්‍රියාත්මකයි.


බදාදා (26) ස​හ බ්‍රහස්පතින්දා (27) මුළු දිනය පුරා සංචරණ සීමා ක්‍රියාත්මකයි.


සිකුරාදා (28) අලුයම 4 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මකයි.


සංචරණ සීමා:

  • පුද්ගලික ගමන් සපුරා තහනම්, නිවසින් බැහැරව යා නොහැක.
  • ​ඔසුහල් හැර සියලු කඩ සාප්පු වසා තැබේ.
  • එන්නත්කිරීම්, සාය​න සහ රෝහල්ගතවීම් සඳහා යෑමට අවසර ඇත.
  • අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇති දෑ සඳහා යෑම​ට අවසර ඇත.

සංචරණ සීමා පිලිබදව පොලිස්පති නිල කාර්යාලය විසින් නිකුත් කරන ලද සම්පුර්ණ නිවේදනය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu