gossiplanka alexa දැඩි අවදානම හමුවේ එංගලන්තය වසා දමයිද ? ලංකාවට පැමිණි දෙදෙනෙකුටත් කොරෝනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දැඩි අවදානම හමුවේ එංගලන්තය වසා දමයිද ? ලංකාවට පැමිණි දෙදෙනෙකුටත් කොරෝනා

ව කොරෝනා වෛරස ප්‍රභේදය ව්‍යාප්තවීම නිසා එංගලන්තය දැඩි අවදානම් තත්ත්වයකට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට ලන්ඩන් අගනුවර පිහිටි  සියළු රෝහල් රෝගීන්ගෙන් පිරී පවතින අතර දැඩි සත්කාර ඒකක සියල්ල ද පිරී ගොස් තිබෙනවා. 
 
මේ හේතුව නිසා බරපතල තත්ත්වයේ පසුවන රෝගීන් ලන්ඩන් නුවරින් පිටත රෝහල් කරා මාරුකරමින් පවතිනවා.

මෙසේ අවදානම් තත්ත්වයකට මුහුණ පා ඇති බැවින් රට වසා දමන්නේ ද නැද්ද යන්න පිළිබඳව බ්‍රිතාන්‍ය රජය මතභේදාත්මක තත්ත්වයක පසුවනවා.

මේ අතර බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඔවුන්ට ආසාදනය වී ඇත්තේ නව කොරෝනා වෛරස් ප්‍රභේදය ද යන්න පිළිබඳව මේ වන විට පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. ඔවුන් දෙදෙනා පසුගිය 22වන දින බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ආ ගුවන්යානයෙන් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu