Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

මාතලේ මහවෙල පදිංචි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මෙම පුද්ගලයා බ්‍රැන්ඩික්ස් කර්මන්තශාලාවේ කළමනාකරුවෙකු ලෙස සේවය කරන පුද්ගලයෙක්.

එසේම දිවුලපිටියෙන් හමු වූ කොරෝනා ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගත් මහඔය ප්‍රදේශයේ කාන්තාවකටද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඇය පසුගිය 04වන දින නිවාඩු ලබා නිවසට පැමිණ ඇති බවයි අනාවරණය වී තිබෙන්නේ.

මේ අතර බ්‍රැන්ඩික්ස් ආයාතනයේ සේවයේ නියුතු තවත් 220කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පරීක්ෂණ වාර්තා මඟින් තහවුරු වී තිබෙනවා. ඒ අනුව මේ වන විට එම ආයතනයේ 330ක ප්‍රමාණයකට කොරෝනා ආසාදිත බව අනාවරණය වී ඇතිබව සඳහන්.

මේ අතර  මිනුවන්ගොඩ ප‍්‍රදේශයෙන් ආසාදිතයින් 18 දෙනෙකු, මීරිගම ප‍්‍රදේශයේ ආසාදිතයින් 03 ක්, කටාන ප‍්‍රදේශයේ ආසාදිතයින් 2ක්, දිවුලපිටිය ප‍්‍රදේශයේ ආසාදිතයින්  2ක්, ජා ඇළ, සීදූව හා මහර යන ප‍්‍රදේශවලින් එක් ආසාදිතයෙකු බැගින් ද, කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ ආසාදිතයින් 02ක් ද, මොණරාගල හා යාපනය දිස්ති‍්‍රක්කයෙන් එක් ආසාදිතයෙකු ද වනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page