gossiplanka alexa කොරෝනා වැළඳුණු රෝගියෙක් හදිසියේම මියයාම සම්බන්ධව රෝහල් අධ්‍යක්ෂක දැන් කියන කතාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වැළඳුණු රෝගියෙක් හදිසියේම මියයාම සම්බන්ධව රෝහල් අධ්‍යක්ෂක දැන් කියන කතාව

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මියගිය රෝගියාගේ මළ සිරුර නිරෝධායන නීති කඩකරමින් ඥාතීන් වෙත ලබාදුන් බවට වාර්තා වන පුවත අසත්‍ය බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ පවසනවා.

අධ්‍යක්ෂකවරයා පවසන්නේ අදාළ රෝගියාට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට පරීක්ෂණ වාර්තාවල තහවුරු වී නොතිබූ බවයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දක්වන රෝහල් අධ්‍යක්ෂකවරයා, " ඒ රෝගියාට කොරෝනා වයිරසය ආසාදනය වෙලා තිබුණ බවක් තහවුරු වෙලා තිබුණේ නෑ.

ඒ කොහොම වුණත් අද රටේ පවතින තත්ත්වය අනුව, කිසිම ආකාරයක අවදානමක් ගන්න බැරි නිසා අපි රෝගියාගේ ඥාතීන්ට සිරුර බාර දුන්නේ කළුබෝවිල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියාවත් ජයවර්ධනපුර රෝහලට ගෙන්වාගෙන අධිකරණ වෛද්‍ය නිලධාරියා ඉදිරිපිටදීමයි''.

“මේ සිදුවීම සම්බන්ධයෙන් පළවූ වැරදි වාර්තා නිසා ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරුන් මෙන්ම කාර්ය මණ්ඩලයත් මහත් සිත් පීඩාවට පත්වෙලා ඉන්නේ “ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

කෙසේ වෙතත් ඊයේ (30) දිනයේ සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍ය ජයන්ත බණ්ඩාර විසින් නිකුත් කළ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ කොරෝනා වෛරසය වැළඳුණු බවට පළමුව PCR පරීක්ෂණයෙන් තහවුරු වී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය රෝගියෙකු මළ සිරුර නිරෝධායන නීතිරීති උල්ලංඝනය කර ඥාතීන් වෙත භාර දුන් සිද්ධියක් සම්බන්ධයෙන් සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත පැමිණිලි කර ඇති බවටයි.

සබැඳි පුවත - කොරෝනා රෝගය වැළඳුණු රෝගියෙක්ගේ මළ සිරුර නිරෝධායන නීති කඩකරමින් ඥාතීන්ට භාර දීලා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu