gossiplanka alexa 'කුසල් ලකුණු 200ක් ගහලා තියෙන්නේ අහසේ ඉදන්' - ක්‍රීඩා ඇමතිගෙන් තේරීම් මණ්ඩලයට දොස්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

'කුසල් ලකුණු 200ක් ගහලා තියෙන්නේ අහසේ ඉදන්' - ක්‍රීඩා ඇමතිගෙන් තේරීම් මණ්ඩලයට දොස්

ධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මාතර, වැලිගමදි පැවති උත්සවයකදි අදහස් දක්වමින් ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලනේ ඇති මැදිහත්වීම් පිළිබඳ කතා කළා.

ඇමතිවරයා එහි දී ප්‍රකාශ කළේ ක්‍රිකට් තීන්දුවලින් සියයට සීයක්ම දේශපාලන මැදිහත් වීම් ඉවත් කර ඇති බවයි.

එසේම සිම්බාබ්වේ තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් පෙරේරා ඉවත් කිරිමට ගත් තීරණය පිළිබඳව තමන් ක්‍රිකට් ආයතනයෙන් කරුණු විමසා සිටි බවත් ඇමතිවරයා පැවසුවා.

“මම වගකිමෙන් කියනවා ක්‍රීඩා අමාත්‍යවරයා විදියට දේශපාලන මැදිහත්විම ක්‍රිකට් තින්දු වලට සියයට සියයක්ම ඉවත් කරලා තියෙන්නේ.  

එය දැන් බිංදුවේ තියෙන්නේ. කිසි ලෙසක මැදිහත්විමක් නැහැ. නිසිලෙස තේරිම් කරන්න ඉඩදිලා තියෙනවා. හැබැයි ගැටලුවක් වෙන තැනදි අපි මැදිහත් වෙනවා. උදාහරණයක් විදියට කුසල් පෙරේරා පසුගිය සිම්බාබ්වේ තරගාවලියට තෝරා ගත්තෙ නැහැ. ම

ම පුද්ගලිකව ඒ මණ්ඩලය කැදවලා ඇහුවා ඇයි කුසල් පෙරේරා තෝරා ගත්තෙ නැත්තෙ කියලා.

එතකොට ඒ අයගෙන් ලැබුණ උත්තරය තමයි කුසල් 200 ක් ගහයි, හැබැයි අපිට ඕන 200 ක් ගහන කෙනාට වඩා විකට් එකේ වැඩිවෙලාවක් ඉන්න කෙනෙක් කියලා. එතකොට මම පෙරළා ප්‍රශ්න කළා ඔහු 200 ක් ගැහුවේ විකට් එකේ ඉඳන් නෙමෙයිද, අහසේ ඉදන්ද කියලා.

ජාතික අවශ්‍යතාවය එක්ක ඉදිරියට යන්න උපරිම සහයෝගය ලබාදෙනවා. අසාධාරණයි කියලා මතුවුණ සියලු කාරණා අවම කරන්න විතරයි අපි මැදිහත්විම් කරන්නේ’’ යයි එහිදී ඇමතිවරයා පවසා සිටියා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu