gossiplanka alexa IS නායකයා මිය යාමෙන් පසු එම සංවිධානයේ නායකත්වය 2017 වසරේ මියගිය පුද්ගලයෙක්ට ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

IS නායකයා මිය යාමෙන් පසු එම සංවිධානයේ නායකත්වය 2017 වසරේ මියගිය පුද්ගලයෙක්ට ?

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටින්නේ අබු බකර් අල්-බග්ඩාඩිගේ මරණයෙන් හිස්වූ IS සංවිධානයේ නායකත්වය සඳහා අබ්දුල්ලා කාඩෂ් නොහොත් ඩිස්ට්‍රෝයි (විනාශ කරන්නා) නමැත්තා පත් කර ඇති බවයි.

ඔහු හිටපු නායක අබු බකර් අල්-බග්ඩාඩි මගපෙන්වීම යටතේ IS සංවිධානයේ මුස්ලිම් කටයුතු භාරව කටයුතු කළ බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙන්නේ.

නමුත් පසුගිය කාලයේ විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුනේ ඔහු  2017 වසරේදී මියගිය බවට සැක කරන බවයි. IS සංවිධානය විසින් සිදුකළ එදිනෙදා මෙහෙයුම් සැලසුම් කළ අබ්දුල්ලා කාඩෂ්  ''''The Professor'' ''  ලෙසින් එම සංවිධානය තුළ ප‍්‍රසිද්ධියට පත් වූ පුද්ගලයෙක්.


ඉරාකයේ උපත ලබා ඇති අබ්දුල්ලා කාඩෂ් එරට හිටපු නායක සදාම් හුසේන් විසින් අණදුන් ඉරාක හමුදාවට අනියුක්තව සේවය කර ඇති අතර අමෙරිකාව ඉරාකය ආක‍්‍රමණය කිරීමෙන් පසු අමෙරිකාවේ අත්අඩංගුවට පත්වූ ඔහු  IS සංවිධානයේ හිටපු නායක අබු බකර් අල්-බග්ඩාඩි සමග සිරගත කර තිබෙනවා.

ඒ අනුව එම සිරකඳවුරේදී අබ්දුල්ලා කාඩෂ් සහ අබු බකර් අල්-බග්ඩාඩි සමීපතමයින් බවට පත්ව ඇති බවයි සඳහන් වන්නේ. එසේම අබ්දුල්ලා කාඩෂ්  IS සංවිධානයට එක්වීමට පෙර අල්කයිඩා සංවිධානය සමඟ ද කටයුතු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu