gossiplanka alexa බදුල්ලට යන දෙනුවර මැණිකේ ගේ නවීන පහසුකම්, ගාස්තු සහ කාල සටහන

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බදුල්ලට යන දෙනුවර මැණිකේ ගේ නවීන පහසුකම්, ගාස්තු සහ කාල සටහන

කොළඹ කොටුව - බදුල්ල අතර නව නගරාන්තර දුම්රිය සේවාවක් ඊයේ (01දා) සිට "දෙනුවර මැණිකේ" නමින් එක් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. මෙහි වායු සමනය කරන ලද පළමු පන්තියේ මැදිරි 2ක්, දෙවැනි පන්තියේ මැදිරි 2 ක් සහ තෙවැනි පන්තියේ මැදිරි 3 කින් සමන්විත යි. . ඊට අමතරව භෝජනාගාරයකින්ද මෙම දුම්රිය සමන්විත වනවා. 

දෙනුවර මැණිකේ දුම්රිය සඳහා චීනයෙන් මෙරටට ආනයනය කරන ලද නවීන S14 වර්ගයේ බලවේග දුම්රියක් යොදවා තිබෙනවා. මෙම දුම්රිය දිනයක් හැර දිනයක් ධාවනයේ යෙදවිමට නියමිතය. ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන දුම්රිය බදුල්ලට ළඟා වීමෙන් අනතුරුව බදුල්ලේ සිට පසුදින නැවතත් කොළඹට ගමන් ආරම්භ කිරීමට නියමිතයි. 

මෙම නවීන දුම්රියේ සියලුම මැදිරි සඳහා මහජන ඇමතුම් පද්ධතියක් ද පළමු පන්තියේ මැදිරි තුල රූපවාහිනී තිර, ජංගම දුරකථන ආරෝපණ පහසුකම්, මගී ආසන සඳහා Hඒඩ්සෙට් පහසුකම්ද සලසා දී තිබෙනවා. මෙම දුම්රිය කොළඹ කොටුව, පොල්ගහවෙල, පේරාදෙණිය හන්දිය, ගම්පොල, නාවලපිටිය,  හැටන්, තලවකැලේ, නානු ඔය, හපුතලේ, දියතලාව, බණ්ඩාරවෙල, ඇල්ල, බදුල්ල යන ස්ථානවල නැවැත්වීමට නියමිතයි. 

දුම්රිය කාල සටහන

ගමනාරම්භය - කොළඹ කොටුව  පෙ.ව.06.45
ගමනාන්තය - බදුල්ල  ප.ව.03.27

ගමනාරම්භය (පසුදින) - බදුල්ල  පෙ.ව.07.20
ගමනාන්තය - කොළඹ කොටුව  ප.ව.04.03

ප්‍රවේශපත් ගාස්තු - කොළඹ කොටුව සිට 

වායු සමනය කරන ලද පළමු පන්තිය

නානු ඔය රු.1500/-
ඇල්ල - රු.1600/-
බදුල්ල - රු.1700/-

දෙවැනි පන්තිය
නානු ඔය රු.800/-
ඇල්ල - රු.900/-
බදුල්ල - රු.1000/-

සකසුරුවම් පන්තිය
නානු ඔය රු.500/-
ඇල්ල - රු.600/-
බදුල්ල - රු.700/-

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu