gossiplanka alexa එංගලන්තය ‍රැකගෙන ආ මහත්මාගුණය අළුබඳුන පළමු තරඟයේ දීම අළු වී යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එංගලන්තය ‍රැකගෙන ආ මහත්මාගුණය අළුබඳුන පළමු තරඟයේ දීම අළු වී යයි

ක්‍රිකට් ක්‍රීඩාව මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ලෙසයි සැලකෙන්නේ.  ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ උරුමකරුවා එංගලන්තය යි.  මඩ ගැසීම් ක්‍රිකට් ක්‍රීඩාවේ ආචාරධර්මයන්ට පටහැනිය. ඒ නිසාම අන්කවර ක්‍රීඩාවකටත් වඩා ඉහළ ගෞරවාදරයක් ක්‍රිකට් ක්‍රීඩාව අත්කරගෙන සිටියි. ක්‍රිකට් ක්‍රීඩාවට මහත්වරුන්ගේ ක්‍රීඩාව යනුවෙන් පවසන්නේද එනිසාය.

පසුගිය එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී විනිසුරුවන් වෙතින් කොතෙකුත් අතපසුවීම් තමන්ට සිදුවුවත්, නවසීලන්තය කිසිදු පැකිළීමකින් තොරව පරාජය භාරගත්තේ ඔවුන් මහත්වරුන්ගේ ගුණය මනාව ප්‍රගුණකර සිටි නිසාය. නවසීලන්ත ප්‍රේක්‍ෂකයන්ගෙන් ඉස්මතු වූයේද, එරට ක්‍රීඩකයන් දැක්වූ මහත්මා ගුණයයි.

ආසියානු ප්‍රේක්ෂකයින් තුළනම් බොහෝ විට මේ මහත්මා ගුණය දැක ගැනීමට නොමති තරම්ය. විශේෂයෙන් බංගලාදේශය, ඉන්දියාව, පකිස්තානය වැනි රටවල ප්‍රේක්ෂකයෝ සැබවින්ම කලහාකාරී හැසිරීම්වලට උරුකම් කියන්නෝය. 

නමුත්  මේ දිනවල පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගවලියේදී එංගලන්ත ප්‍රේක්‍ෂකයන් මෙතෙක් කලක් ඔවුන් ගොඩනගාගෙන සිටි මහත්මාගුණයට හානිවන අයුරින් හැසිරිණු ආකාරය කාගෙත් කතා බහට ලක් වූ කරුණක්. 

2018 ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිදුකළ දකුණු අප්‍රිකානු සංචාරයේදී කහපැහැති වැලි කඩදාසියක් වැනි යමකින් පන්දුව පළුදුකළ බවට එවකට නායකයාව සිටි ස්ටීවන් ස්මිත්, උපනායක වූ ඩේවිඩ් වෝනර් හා නවක ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට් වරදකරුවන් වූ අතර, මේ සඳහා ප්‍රධාන වරදකරුවන් වූ ස්මින් හා වෝනර්ට වසරක තරග තහනමක් පැණවිණි. ඒ අනුව ඔවුන් යළි ටෙස්ට් ක්‍රිකට් පිටියට පිවිසියේ මෙම තරගයේය.  එජ්බැස්ටන්හි  පැවැත්වෙන මෙම පළමු ටෙස්ට් තරගය නැරැඹීමට පැමිණි එංගලන්ත ප්‍රේක්‍ෂකයන්  වසරකට පසු ටෙස්ට් පිටියට පිවිසි ස්ටීවන් ස්මිත්ට හා ඩේවිඩ් වෝනර්ට වැලි කඩදාසි වනමින් උසුළු විසුළු කරමින්  වෝනර්ගෙන් වැලි කඩදාසි තිබෙනවාදැයි අසා තිබෙනවා.  තව සමහරෙක් ස්ටීවන් ස්මිත් හඬන ආකාරයේ මුහුණු හා ටී-ෂර්ට් පැළැඳ සිටියා. 

සියලු වාග් ප්‍රහාරයන්ට පිත්තෙන් පිළිතුරු දුන් ස්මිත් පළමු ඉනිමේදී ශතකයක් වාර්තාකළ අතර, වෝනර්ද සිනහවෙන් කිසිවක් නැහැ යනුවෙන් හැඟවෙන පරිදි සිය සාක්කු එළියට දිගහැර ප්‍රේක්‍ෂකයන්ට පෙන්වා සිටියා. 

එක්දින ලෝක කුසලාන තරගාවලියේදීද පන්දු රකිමින් සිටි ස්මිත් වෙත මෙවැනි ආකාරයෙන් වාචික අපහාසයක් ඉන්දීය ප්‍රේක්‍ෂකයන්ගෙන්ද සිදුවිය. කෙසේ නමුත් පන්දුවට පහරදෙමින් සිටි විරාට් කෝලි ඒ මොහොතේම ඊට විරුද්ධවී තම ප්‍රේක්‍ෂකයන් පාලනය කළ අතර, ස්මිත් සැනසීමටද අමතක කලේ නැහැ. 

තරග පහකින් සමන්විත අළුබඳුන තරගාවලියේ පළමු තරගය පසුගිය බ්‍රහස්පතින්දා (01දා) ආරම්භ වූ අතර, එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 284ක් රැස්කිරීමට සමත් විය. මෙහිදී අගනා ඉනිමක් ක්‍රීඩාකළ ස්ටීවන් ස්මිත් පන්දු 219කට මුහුණදෙමින් ලකුණු 144ක් රැස්කලා. 





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu